හක්කපටස් තවත් වන අලියෙකුට මාරයා ළං කරවයි (ඡායාරූප)

හක්කපටස් ආහාරයට ගැනීමෙන් මුඛයේ ඇති වූ බරපතළ තුවාල හේතුවෙන් මියගිය වනඅලියකුගේ සිරුරක් ඉපලෝගම – ඉහළකාගම ප්‍රදේශයේ තිබී ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරින් සොයාගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ගම්වාසීන්ගෙන් ලත් තොරතුරකට අනුව සිදුකළ සෝදිසියක දී එම වන අලියාගේ සිරුර සොයා ගැනුණු බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ කලාවැව ජාතික උද්‍යානයේ සැරිසැරූ උස අඩි 07 ක් පමණ වන වනඅලියෙක්.

නාඹර වයසේ පසුවන එම අලියාගේ වයස අවුරුදු 18ක් පමණ වෙතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරනවා.

වනඅලියා මින් දින කිහිපයකට ඉහත දී හක්ක පටස් ආහාරයට ගෙන ඇති බවයි සැක පළ කරන්නේ.

එම හේතුවෙන් අලියාගේ මුඛයට බරපතළ හානි සිදු ව තිබූ අතර; අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීම ද ආරම්භ කෙරුණා.

හක්කපටස් ආහාරයට ගැනීමෙන් බරපතළ තත්ත්වයේ සිටි එම වනඅලියා වනජීවී පශු වෛද්‍ය නිලධාරින්ගෙන් ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දීයි මෙලෙස මරුමුවට පත්ව ඇත්තේ.

මෙම සත්ත්වයා මියගොස් ඇත්තේ ගම්මානයේ පිහිටි නිවසස් පිටිපසයි.

මියගිය වනඅලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර පණ්ඩුලගම වනසත්ව සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ විසින් අද පස්වරුවේ පවත්වනු ලැබූ අතර එම වනඅලියාගේ මරණය හක්කටපටස් ආහාරයට ගැනීමෙන් මුඛයට ඇති වූ බරපතළ හානිය හේතුවෙන් සිදුවූවක් බවටයි තීරණය කෙරුණේ.

WhatsApp Image 2023 11 21 at 15.16.00
WhatsApp Image 2023 11 21 at 15.16.03
WhatsApp Image 2023 11 21 at 15.16.04 1
WhatsApp Image 2023 11 21 at 15.16.04
WhatsApp Image 2023 11 21 at 15.16.05 1
WhatsApp Image 2023 11 21 at 15.16.05 2
WhatsApp Image 2023 11 21 at 15.16.05
WhatsApp Image 2023 11 21 at 15.16.06 1
WhatsApp Image 2023 11 21 at 15.16.06
WhatsApp Image 2023 11 21 at 15.16.07 1
WhatsApp Image 2023 11 21 at 15.16.07
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31