හක්කපටස් තවත් වන අලියෙකුට මාරයා ළං කරවයි (ඡායාරූප)

හක්කපටස් ආහාරයට ගැනීමෙන් මුඛයේ ඇති වූ බරපතළ තුවාල හේතුවෙන් මියගිය වනඅලියකුගේ සිරුරක් ඉපලෝගම – ඉහළකාගම ප්‍රදේශයේ තිබී ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරින් සොයාගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ගම්වාසීන්ගෙන් ලත් තොරතුරකට අනුව සිදුකළ සෝදිසියක දී එම වන අලියාගේ සිරුර සොයා ගැනුණු බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ කලාවැව ජාතික උද්‍යානයේ සැරිසැරූ උස අඩි 07 ක් පමණ වන වනඅලියෙක්.

නාඹර වයසේ පසුවන එම අලියාගේ වයස අවුරුදු 18ක් පමණ වෙතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරනවා.

වනඅලියා මින් දින කිහිපයකට ඉහත දී හක්ක පටස් ආහාරයට ගෙන ඇති බවයි සැක පළ කරන්නේ.

එම හේතුවෙන් අලියාගේ මුඛයට බරපතළ හානි සිදු ව තිබූ අතර; අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීම ද ආරම්භ කෙරුණා.

හක්කපටස් ආහාරයට ගැනීමෙන් බරපතළ තත්ත්වයේ සිටි එම වනඅලියා වනජීවී පශු වෛද්‍ය නිලධාරින්ගෙන් ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දීයි මෙලෙස මරුමුවට පත්ව ඇත්තේ.

මෙම සත්ත්වයා මියගොස් ඇත්තේ ගම්මානයේ පිහිටි නිවසස් පිටිපසයි.

මියගිය වනඅලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර පණ්ඩුලගම වනසත්ව සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ විසින් අද පස්වරුවේ පවත්වනු ලැබූ අතර එම වනඅලියාගේ මරණය හක්කටපටස් ආහාරයට ගැනීමෙන් මුඛයට ඇති වූ බරපතළ හානිය හේතුවෙන් සිදුවූවක් බවටයි තීරණය කෙරුණේ.

WhatsApp Image 2023 11 21 at 15.16.00
WhatsApp Image 2023 11 21 at 15.16.03
WhatsApp Image 2023 11 21 at 15.16.04 1
WhatsApp Image 2023 11 21 at 15.16.04
WhatsApp Image 2023 11 21 at 15.16.05 1
WhatsApp Image 2023 11 21 at 15.16.05 2
WhatsApp Image 2023 11 21 at 15.16.05
WhatsApp Image 2023 11 21 at 15.16.06 1
WhatsApp Image 2023 11 21 at 15.16.06
WhatsApp Image 2023 11 21 at 15.16.07 1
WhatsApp Image 2023 11 21 at 15.16.07
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?