හංවැල්ලේ වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ගැන තොරතුරු හෙළිවෙයි

හංවැල්ල, තුන්නාන ප්‍රදේශයේ දී ඊයේ (13) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නංගරගේ සමීපතමයෙකු වන කන්ද උඩ ඉරේෂ් නැමැත්තාගේ පියා බවයි තොරතුරු වාර්තා වුණේ.

ඊයේ (13) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි නාඳුනන් වෙඩික්කරුවන් දෙදෙනෙක් විසින් නිවසක සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ.

තුවාල ලැබූ පුද්ගලයා තුන්නාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක අයෙක් වන අතර ඔහු ඇතුළත් කර ඇත්තේ අවිස්සාවේල්ල රෝහලටයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?