ඉන්දියාවේ නවදිල්ලිහි සහ ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි සෞදි අරාබි රාජකීය තානාපති කාර්යාල ද්විත්වයෙහිම හමුදා උපදේශක කපිතාන් (නාවික) ඊයේ (26) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා හමු වුණා.
ආරක්ෂක ලේකම්වරයා විසින් සිය කාර්යාලයට පැමිණි ආරක්ෂක උපදේශකවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, පැවති සුහද සාකච්ඡාවේ දී අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් කරුණු හුවමාරු කරගත්තා.
එහිදී, තවදුරටත් ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් හා හමුදාමය පුහුණු අවස්ථාවන් ඉහළ නැංවීමට අදාළ කරුණු කිහිපයක් සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර පවතින දිගුකාලීන සුහද සබඳතා පිළිබඳව ද සිහිපත් කළා.















