සෞදි අරාබියේ සංචාරයකට සැරසෙන මෝදි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන අගහරුවාදා දින දෙකක සංචාරයක් සඳහා සෞදි අරාබියට පැමිණීමට නියමිතයි.

සංචාරය පිළිබඳ දැනුවත් කිරීමට කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම සහ දැනට ඩොලර් බිලියන 43ක් වන දෙරට අතර වෙළෙඳාම පුලුල් කර ගැනීමට අගමැති මෝදි සිය සංචාරයේ දී අපේක්ෂා කරන බවයි.

බලශක්තිය ද සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාවන් වන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් වික්‍රම් මිස්රි පැවසුවා.

අගමැති නරේන්ද්‍ර මෝදි සෞදි ආරාබියේ සංචාරයක නිරතවන තෙවැනි අවස්ථාව මෙයයි.

මීට පෙර 2016 වසරේ දී සෞදි ආරාබියට ගිය මෝදිට එරට ඉහළම සිවිල් ගෞරව නාමය පිරිනැමුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?