සෞඛ්‍ය වෘත්තිකයින් ට සුපිරි අවස්ථාවක්

ශ්‍රී ලාංකික හෙද හෙදියන්ට සහ අනෙකුත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා එක්සත් රාජධානියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිමය රැකියා අවස්ථා හිමිව තිබේ.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සෞඛ්‍ය ආරක්ෂණ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් පසුගියදා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් තබා ඇති අතර, ඒ අනුව එම රැකියා අවස්ථා හිමිව ඇත.

ඒ සඳහා එක්සත් රාජධානිය පිළිගත් සුදුසුකම් ලබා තිබීම අත්‍යාවශ්‍ය වන අතර, IELTS ඉංග්‍රිසි භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව තිබීම අනිවාර්ය වේ.

එම අවබෝධතා ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළෙඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා සහ එක්සත් රාජධානියේ රජය වෙනුවෙන් දකුණු ආසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් සාමිවරයා අත්සන් තබා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගල් අඟුරු වංචාවේ කොටසක් ජනපතිගේ සාක්කුවට ගිහින් - දොලවත්ත කුපිත වෙයි
05:53
Video thumbnail
ආණ්ඩුවේ හොරකම ගැන ජනතාවට කියන්න තමයි විශ්වාසභංගය ගේන්නේ
15:52
Video thumbnail
ද්විත්ව සටනෙන් දිවි අහිමි වෙන්නේ තෙවන පාර්ශවය..සාකච්ඡාව දෙන්න..වැරැද්ද ආණ්ඩුවේ
07:30
Video thumbnail
ආණ්ඩුවේ අප්පච්චිලාගේ මොළ තමයි මොළ - චාමර සැරටම කියයි
15:52
Video thumbnail
චමින්ද නැගිටලා හොඳම එකෙන් දෙසයි..ලැට්වල කඩාගෙන ඇවිත් අපිට චරිත සහතික දෙන්න එන්න එපා
01:51
Video thumbnail
ලංකාවේ කිසිම දිනක මෙහෙම මංකොල්ලයක් වෙලා නෑ..රාජිතගෙන් ප්‍රබල හෙළිදරව්වක්
05:20
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න බෑ.. වැටෙන්නෙත් නෑ
09:20
Video thumbnail
මේ ඇමතිව කනෙන් ඇදලා හිරේ දාන්න - අපි බය නෑ
12:37
Video thumbnail
කක්කුස්සියක් ගිලපු එකා කෑගහනවා - පාර්ලිමේන්තුවේ ලොකු වලියක්
10:50
Video thumbnail
නලින්ද දැඩි තීන්දුවක් ගනී - GMOA එක්ක සාකච්ඡා කරන්නේ නෑ
07:10