කාන්තාවක් සිය සහෝදරයා අතින් අවසන් ගමන් යයි

වවුනියාව, පුදියකෝවිල් ප්‍රදේශයේදී සහෝදරයෙක් විසින් සිය සහෝදරියට පිහියෙන් ඇනීමෙන් තුවාල සිදුකොට ඝාතනය කොට ඇති බව වවුනියාව පූවරසන්කුලම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ අදාළ සැකකරු ඔහුගේ සහෝදරියක අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම නිසා සහෝදරයා විසින් සහෝදරියට පිහියෙන් ඇන ඇති බවයි.

තුවාල ලැබු සහෝදරිය වවුනියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 56 ක් වු පවලරත්තිනම් සෙල්වමලර් නමැති කාන්තාවක්.

ඝාතනය සිදුකළ වයස අවුරුදු 44ක් වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර,සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32