කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි (26) දින සිට රාජ්‍යය ආයතන වල උත්සව සහ පෞද්ගලික අංශයේ උත්සව නතර කිරිමට උපදෙස් ලබා දි ඇත.
එම උපදෙස් නොතකා හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස්.ශ්‍රිදරන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වටවල කුයිල්වත්ත දමිල මහා විද්‍යාලයේ අචාර්ය මණ්ඩලය සහ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ සේවය කරන සම්පත් දායකයන් එක් ව අවුරුදු උත්සවයක් (26) දින එම පාසල් ක්‍රිඩාංගණයේදි පැවැත්විණ.
මෙම අවුරුදු උත්සවයේදි ජයග්‍රහණය කල අයට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් ත්‍යාග පිරි නැමිමක්ද සිදු කරනු ලැබුහ.
– හැටන් රංජිත් රාජපක්ෂ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1