සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය හෙට (06) සැලසුම් කර තිබූ වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා.
සම – කැඳවුම්කරු රවී කුමුදේශ් මේ බව අද පස්වරුවේ නිවේදනය කළා.
අයවැය යෝජනා හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා කප්පාදුව සිය වෘත්තියට ද බලපාන බවට චෝදනා කරමින් ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවටයි පසුගියදා දැනුම්දුන්නේ.
කෙසේ නමුත් අද සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බව එම සම්මේලනයේ කැඳවුම්කරු සඳහන් කළා.
ඒ අනුව තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තෙක් මෙම වර්ජනය මාර්තු මස 17වනදා උදෑසන 8 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1