සෞඛ්‍ය ඇමති සහ ඇමරිකා තානාපතිනිය අතර හමුවක්

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉහළ විනිවිදභාවයක් සහිතව මේ වනවිට වඩාත් කාර්යක්ෂම කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

ඒ සඳහා වන වැඩපිළිවෙල අදාළ ආයතන තුළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකව පවතින අතර ඒ තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ කාර්යක්ෂමතාවයක් ඉදිරියේ දී බලාපොරොත්තු විය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චං (Julie Jiyoon Chung) මහත්මිය හමුවේ අමාත්‍යවරයා මේ බව කියාසිටියේ තානාපතිනිය ඊයේ හමු වී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතරවාරයේදී යි.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් ගත වෙමින් තිබූ අතර ඒ සඳහා ගතවන කාලය මේ වන විට අවම තත්ත්වයකට ගෙනවිත් ඇතැයි ද ඔහු පෙන්වා දුන්නා.

අනුමැතීන් 18ට යොමු කළ මෙම ක්‍රියාවලිය අදාළ වෘත්තිකයන්ගේද අදහස් සමගින් මේවන විට අඩු කර ඇතැයි මෙහිදී පැවසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ගුණාත්මකභාවය, ගබඩා පහසුකම් ආශ්‍රිත සුරක්ෂිතභාවය ආදිය පිළිබඳ එහිදී වැඩි සැලකිල්ලක් දක්වන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…

“ආසන්න වසර පහේ අපගේ ඉල්ලුම හා එයට සරිලන සැපයුම මෙහිදී ඇණවුම් කරන ක්‍රියාවලිය තුළ අපි ගණනය කළා. ඖෂධවල ගුණාත්මක භාවයට හානි නොවන ලෙසත් ගබඩාකරණයේ දී සුරක්ෂිතභාවයට ගැටලු ඇති නොවන ලෙසත් මෙම ඇනවුම්කරණය කඩිනම් කිරීමට පියවර ගන්නවා.”

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ සැලකීමේදී පිළිකා, හෘද රෝග හා වකුගඩු රෝගීන් සඳහා වන ඖෂධ ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය අපේක්ෂා කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ඇමරිකානු තානාපතිවරිය හමුවේ මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?