සෞඛ්‍ය ඇමති සහ ඇමරිකා තානාපතිනිය අතර හමුවක්

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉහළ විනිවිදභාවයක් සහිතව මේ වනවිට වඩාත් කාර්යක්ෂම කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

ඒ සඳහා වන වැඩපිළිවෙල අදාළ ආයතන තුළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකව පවතින අතර ඒ තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ කාර්යක්ෂමතාවයක් ඉදිරියේ දී බලාපොරොත්තු විය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චං (Julie Jiyoon Chung) මහත්මිය හමුවේ අමාත්‍යවරයා මේ බව කියාසිටියේ තානාපතිනිය ඊයේ හමු වී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතරවාරයේදී යි.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් ගත වෙමින් තිබූ අතර ඒ සඳහා ගතවන කාලය මේ වන විට අවම තත්ත්වයකට ගෙනවිත් ඇතැයි ද ඔහු පෙන්වා දුන්නා.

අනුමැතීන් 18ට යොමු කළ මෙම ක්‍රියාවලිය අදාළ වෘත්තිකයන්ගේද අදහස් සමගින් මේවන විට අඩු කර ඇතැයි මෙහිදී පැවසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ගුණාත්මකභාවය, ගබඩා පහසුකම් ආශ්‍රිත සුරක්ෂිතභාවය ආදිය පිළිබඳ එහිදී වැඩි සැලකිල්ලක් දක්වන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…

“ආසන්න වසර පහේ අපගේ ඉල්ලුම හා එයට සරිලන සැපයුම මෙහිදී ඇණවුම් කරන ක්‍රියාවලිය තුළ අපි ගණනය කළා. ඖෂධවල ගුණාත්මක භාවයට හානි නොවන ලෙසත් ගබඩාකරණයේ දී සුරක්ෂිතභාවයට ගැටලු ඇති නොවන ලෙසත් මෙම ඇනවුම්කරණය කඩිනම් කිරීමට පියවර ගන්නවා.”

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ සැලකීමේදී පිළිකා, හෘද රෝග හා වකුගඩු රෝගීන් සඳහා වන ඖෂධ ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය අපේක්ෂා කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ඇමරිකානු තානාපතිවරිය හමුවේ මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28