සෞඛ්‍ය ඇමති ධුරය ගැන කෙහෙළියගෙන් ප්‍රකාශයක්

අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට අදාළ මූල්‍ය ගැටලු විසඳීමට තම අමාත්‍යාංශය අපොහොසත් වුවහොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ වනවිට ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟයට ප්‍රධාන කරුණු දෙකක් බලපා ඇති බවයි.

ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීමේ ගැටලුවක් පවතින අතර එම ප්‍රශ්නය විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් අධිකරණ තීන්දු ද අමාත්‍යාංශයේ ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියට බලපාන බවයි.

“ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සංශෝධනය කිරීමට අපි තීරණයක් ගෙන කැබිනට් අනුමැතියද ලබා ගත්තා. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය හරහා ඖෂධ මිලදී ගැනීම අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර ඇති අතර එම නඩුව විභාග වෙමින් පවතිනවා. මෙවැනි ක්‍රියාමාර්ග නිසා ගැටලු විසඳීමට අමාත්‍යාංශයේ ක්‍රියාමාර්ග ප්‍රමාද වෙනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඖෂධ හිඟයේ ගැටලුව විසඳීමට අවශ්‍ය මුදල් අමාත්‍යාංශයට ලබා ගැනීමට නොහැකි වුවහොත් තමන් විෂය භාර අමාත්‍යවරයා ලෙස රැඳී සිටීමට අදහස් නොකරන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිට විරුද්ධව මානව හිමිකමට පැමිණිල්ලක්
06:10
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38