AFC Banner
Empty Ad
Empty Ad

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂිත ගනුදෙනු ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

දූෂිත ගනුදෙනු මත මෙරටට ඖෂධ ගෙන්වූ ඖෂධ සමාගම් සමග තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය ගනුදෙනු සිදු කරන බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

අද (10) පෙරවරුවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත භාරදීමෙන් අනතුරුව එළියට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සමග මෙම වෛද්‍ය සැපයුම්කරුවන් තවමත් දූෂිත ඖෂධ සමාගම් සමග ගනුදෙනු කරමින්; ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියේ සිටින බවටයි සභාපතිවරයා චෝදනා කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිලධාරින් මෙන් ම බලධාරින් ද වගකිව යුතු බවත්; නව රජයක් යටතේ දූෂිත නිලධාරීන් සේ ම බලධාරින් ද ඉවත් වන බවත් විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියා.

එමෙන්ම මෙරට දේශපාලනඥයින් 20%ක් දූෂිත නම්; රාජ්‍ය නිලධාරීන් 80%ක් දූෂිත බවත්; මෙම ඖෂධ මාෆියාවේ වැඩිපුර සක්‍රීය ව සිටින්නේ රාජ්‍ය නිලධාරීන් බවයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?