කුඩු එක්ක ඇල්ලූ සැකකරුගේ ගෙදර සොරාගත් පාපැදි සිය ගණනක්

හෙරොයින් ග්‍රෑම් 06 මිලි ග්‍රෑම් 600ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (07) උදෑසන මට්ටක්කුලිය පොලිස් වසමේ රාවත්ත පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර විමර්ශනයේ දී සැකකරුගේ නිවසේ තිබී සොරකම් කරන ලද අනන්‍යතාව තහවුරුකරගත නොහැකි පාපැදි 170ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
4
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?