සොරකමේ ගිහින් කකුල කැඩුණු යතුරුපැදි සොරා පොලිස් ජීප් රථයෙන් රෝහලට (වීඩියෝ)

යතුරුපැදියක් සොරා ගැනීමට තැත්කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අල්ලාගෙන රෝහල් ගතකළ පුවතක් හෝමාගම, පිටිපන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පිටිපන ප්‍රදේශයේ ගරාජයක නවතා තිබූ යතුරුපැදියක් අදාල පුද්ගලයා විසින් මෙලෙස සොරා ගැනීමට තැත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා ගරාජයේ නවතා තිබූ යතුරුපැදි සොරාගෙන පලා යාමට උත්සහ කළ අවස්ථාවේ එය දුටු ගරාජයේ හිමිකරු කෑගසා තිබෙනවා.

එම කෑගැසීමෙ ඇසුණු අසල සිටි පුද්ගලයින් සොරා අල්ලා ගැනීමට උත්සහ කර ඇති අතර එම අවස්ථවේ කලබලයට පත්වූ ඔහු මාර්ගයේ අලුත්වැඩියා කරමින් තිබූ කානුවකට යතුරුපැදිය සමඟ ඇද වැටී ඇති බවයි වාර්තාවන්නේ.

ඒ සමඟ ක්‍රියාත්මක වූ අසල සිටි පිරිස සැකකරු අල්ලගෙන එම අවස්ථාව් අදාල ස්ථානයෙන් යමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසකට භාර දී තිබෙනවා.

සැකකරු යතුරුපැදිය සමඟ කාණුවට වැටී සිදුවූ අනතුරෙන් ඔහුගේ එක් පාදයක් බිඳී ගොස් ඇති අතර සැකකරු ප්‍රතිකාර සඳහා පොලිස් ජීප් රථයේ නංවාගෙන හෝමාගම රෝහලට රැගෙන ගිය බවයි අප වාර්තාකරු පැවසුවේ.

පොලිසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් පසුගිය මාසයේ මේ ආකාරයෙන්ම තවත් යතුරුපැදියක් සොරාගෙන ඇති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09