සේවා අර්බුද නිරාකරණ යාන්ත්‍රණය රාජ්‍ය සේවයට හඳුන්වාදීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහාය

සේවා අයිතිවාසිකම් පිළිබඳ අර්බුද නිරාකරණය සහ වැලැක්වීමේ යාන්ත්‍රණයක් රාජ්‍ය සේවයට හඳුන්වා දීමේ රජයේ ක්‍රියාවලිය සඳහා සහාය වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් ඉල්ලා සිටියා.

අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකළේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේනේවාසික අධ්‍යක්ෂ ජොනී සිම්ප්සන් සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රි ෆ්‍රාන්ච් අද (01) අරලියගහ මන්දිරයේ දී හමුවූ අවස්ථාවේදීයි.

මේ සම්බන්ධයෙන් ගත් මූලික පියවර සහ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම සම්බන්ධයෙන් ද නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළකළා.

යෝජිත යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවට ඔවුන් අග්‍රාමාත්‍යවරයාට සහතික වූ අතර, එමඟින් අර්බුද නිරාකරණයට පමණක් නොව, ත්‍රෛපාර්ශ්වික සංවාද පද්ධතියක් හරහා අනාගතයේ දී ගැටුම් වළක්වා ගැනීමට ද හැකි වනවා.

කොවිඩ් වසංගතයත් සමඟ ඇති වූ ආර්ථික අර්බුදය ශ්‍රම බලකායට ඇති කරන බලපෑම සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට කම්කරුවන්ට, විශේෂයෙන් අඩු ආදායම්ලාභී ශ්‍රම බලකායට උපකාර කිරීමට රජය ගෙන ඇති කෙටිකාලීන හා දිගුකාලීන පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිත පිරිස දැනුවත් කළා.

ශ්‍රම බලකාය ඉහළ තලයකට ගෙන යෑමට රජය දැඩි උනන්දුවක් දක්වන බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා නිපුණතා සංවර්ධනය සඳහා දියත් කර ඇති පුහුණු වැඩසටහන් රාශියක් පිළිබඳව පැහැදිලි කර සිටියා.

රැකියාවල ගුණාත්මක භාවය සහ ප්‍රමාණය වැඩි කිරීම මිනිසුන් දරිද්‍රතාවයෙන් මුදාගැනීමේ ස්ථිරම ක්‍රමය බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාව ශ්‍රම බලකායට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ රෙගුලාසි ඇතුළත් කර ඇති අතර නිදහස, සමානාත්මතාවය, ආරක්ෂාව සහ මානව ගරුත්වය යන කොන්දේසි යටතේ පිරිමින්ට සහ කාන්තාවන්ට ඵලදායී වැඩ ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ශ්‍රම බලකායේ යහපැවැත්ම සහ ශ්‍රම බලකායේ කුසලතා නංවාලීම සඳහා රජය විසින් ගනු ලබන සියලුම ප්‍රයත්නයන් සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධාන නියෝජිත පිරිස පූර්ණ සහයෝගය ලබාදෙන බවට මෙහිදී සහතික වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?