සේවා අර්බුද නිරාකරණ යාන්ත්‍රණය රාජ්‍ය සේවයට හඳුන්වාදීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහාය

සේවා අයිතිවාසිකම් පිළිබඳ අර්බුද නිරාකරණය සහ වැලැක්වීමේ යාන්ත්‍රණයක් රාජ්‍ය සේවයට හඳුන්වා දීමේ රජයේ ක්‍රියාවලිය සඳහා සහාය වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් ඉල්ලා සිටියා.

අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකළේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේනේවාසික අධ්‍යක්ෂ ජොනී සිම්ප්සන් සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රි ෆ්‍රාන්ච් අද (01) අරලියගහ මන්දිරයේ දී හමුවූ අවස්ථාවේදීයි.

මේ සම්බන්ධයෙන් ගත් මූලික පියවර සහ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම සම්බන්ධයෙන් ද නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළකළා.

යෝජිත යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවට ඔවුන් අග්‍රාමාත්‍යවරයාට සහතික වූ අතර, එමඟින් අර්බුද නිරාකරණයට පමණක් නොව, ත්‍රෛපාර්ශ්වික සංවාද පද්ධතියක් හරහා අනාගතයේ දී ගැටුම් වළක්වා ගැනීමට ද හැකි වනවා.

කොවිඩ් වසංගතයත් සමඟ ඇති වූ ආර්ථික අර්බුදය ශ්‍රම බලකායට ඇති කරන බලපෑම සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට කම්කරුවන්ට, විශේෂයෙන් අඩු ආදායම්ලාභී ශ්‍රම බලකායට උපකාර කිරීමට රජය ගෙන ඇති කෙටිකාලීන හා දිගුකාලීන පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිත පිරිස දැනුවත් කළා.

ශ්‍රම බලකාය ඉහළ තලයකට ගෙන යෑමට රජය දැඩි උනන්දුවක් දක්වන බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා නිපුණතා සංවර්ධනය සඳහා දියත් කර ඇති පුහුණු වැඩසටහන් රාශියක් පිළිබඳව පැහැදිලි කර සිටියා.

රැකියාවල ගුණාත්මක භාවය සහ ප්‍රමාණය වැඩි කිරීම මිනිසුන් දරිද්‍රතාවයෙන් මුදාගැනීමේ ස්ථිරම ක්‍රමය බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාව ශ්‍රම බලකායට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ රෙගුලාසි ඇතුළත් කර ඇති අතර නිදහස, සමානාත්මතාවය, ආරක්ෂාව සහ මානව ගරුත්වය යන කොන්දේසි යටතේ පිරිමින්ට සහ කාන්තාවන්ට ඵලදායී වැඩ ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ශ්‍රම බලකායේ යහපැවැත්ම සහ ශ්‍රම බලකායේ කුසලතා නංවාලීම සඳහා රජය විසින් ගනු ලබන සියලුම ප්‍රයත්නයන් සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධාන නියෝජිත පිරිස පූර්ණ සහයෝගය ලබාදෙන බවට මෙහිදී සහතික වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58