සේරුනුවරදී බස් රථයක් පෙරළී යයි – 14 දෙනෙක් රෝහලේ

සේරුනුවර පොලිස් වසමේ මහින්දපුර හංදියේ දී බස් රථයක් පෙරළී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

අක්කරේපත්තුව සිට ත්‍රීකුණාමලය දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් පෙරළී යාමෙන් විශාල අනතුරක් සිදුව තිබෙනවා.

සේරුනුවර, මහින්දපුර හංදියේ දී මෙම අනතුර සිදුව ඇති අතර බස් රථය පාරෙන් ඉවතට පැන පෙරළී යන අවස්ථාවේදී මගීන් 21 දෙනෙක් බස් රථයේ ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අතරින් තුවාල ලැබූ ඉන් 14 දෙනෙක් තුවාල ලබා සේරුනුවර රෝහලට සහ මූතුර් රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සේරුනුවර පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?