සෙවනගල උක් මිලදී ගැනීමේ අර්බුදයට විසඳුමක් ලෙස අමු උක් සඳහා රුපියල් 9,000ක් ගෙවීමටත්, ගිනි ගත් උක් සඳහා රුපියල් 5,000ක මුදලක් ගෙවීමටත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය තීරණය කැඅ තිබෙනවා.
අමාත්‍යංශයේදී අද (03) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මේ බව සඳහන් කළා.
පසුගිය දා ඇතිවූ ගින්න හේතුවෙන් සෙවනගල උක් වගාවේ අක්කර 150කට පමණ හානි සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
එලෙස ගින්නට හසු වූ උක් මෙට්‍රික් ටොන් 14,000ක් සීනි සමාගම මිලදී ගන්නා තුරු සමස්ත උක් සැපයීම නතර කරන බව උක් ගොවීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පසුගිය දා ප්‍රකාශ කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
2
+1
1
+1
2
+1
+1













