සෙම්ප්‍රතිශ්‍යාව කොවිඩ්-19 වළකනවා… නවතම පර්යේෂණයකින් හෙළි වූ තොරතුරු මෙන්න…

සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව මගින් Covid-19 රෝගයට එරෙහිව යම් ආරක්ෂාවක් ලැබෙන බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
Nature Communications නමැති පර්යේෂණ සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇති මෙම නවතම පර්යේෂණය සඳහා පුද්ගලයින් 52 දෙනෙකු යොදාගෙන ඇති අතර මෙය සුළු පරිමාණ අධ්‍යයනයක් ලෙස සැලකේ.  මෙම අධ්‍යයනය සිදු කළ පර්යේෂකයින් පවසන්නේ, සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමෙන් පසු ඇති වන ප්‍රතිශක්තිය මගින් කොරෝනාවෛරසයට එරෙහිව ක්‍රියාත්මක විය හැකි ප්‍රතිශක්තියක් ශරීරය තුළ ශේෂ වන බව යි.  කෙසේ වෙතත්, විශේෂඥයින් පවසන්නේ, මෙම පර්යේෂණය හරහා යම් නිගමනයකට එළඹිය හැකි වුව ද, කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වීමට ඇති ප්‍රධාන මාර්ගය එන්නත ලබා ගැනීම බව ය.  මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කොරෝනාවෛරසයට එරෙහිව සටන් කරන ආකාරය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් මෙම පර්යේෂණයේ ප්‍රතිඵල මගින් අනාවරණය වී ඇතැයි පර්යේෂකයෝ පවසති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?