සූදානමින් සිටින්න, කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ ගොඩබිම් ප්‍රදේශ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා අනිද්දා (08) දින පස්වරු 01.30 දක්වා සූදානමින් සිටින ලෙස දන්වමින් අද (07) පස්වරු 01.30 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය අද (07) දහවල් 11.30 වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පොතුවිල් සිට 700 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 4.9°N සහ දේශාංශ 87.4°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුනු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇති බවට අපේක්ෂා කරන බව කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ.

මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින අතර එහි බලපෑම හේතුවෙන් හෙට (08) දින සිට දිවයිනේ, විශේෂයෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බවයි එම කාලගුණ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
13
+1
9
+1
15
+1
21
+1
2
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇප ලැබුණු මතුගම සභාපති මහ හෙනඟක් මැදින් යන හැටි.."දැන් ඉදන්ම වැඩ..මහ ජනතාවගේ ඡන්දෙන් ආවේ වැඩ කරන්න"
04:21
Video thumbnail
ජනතාව 76 වසරක් මේ ගෝත්‍රිකයන්ට බලය දෙන්න හිතුවේ නෑ.. ආනන්ද පාලිත ලෙසටම ෆයර් වෙයි
06:49
Video thumbnail
එකම අසුනක්වත් නැති වුණත් රට පාලනය කරන්න වෙන්නේ එජාපයට.. දේව කෝපය දැන් ශ්‍රී ලංකාවට සිදුවෙන්නේ
06:49
Video thumbnail
අධිකරණයට රැගෙන ආ මතුගම සභාපතිට ඇප
05:35
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අගමැතිතුමිය වෙනුවෙන් අපි ඉන්නවා
05:54
Video thumbnail
උසස් පෙළ විභාගයට වෙන්න යන දේ මෙන්න..විභාග කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
13:54
Video thumbnail
මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් සොයාගන්න විශේෂ පරීක්ෂණයක්
03:14
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආණ්ඩුවට පාඩමක් - අපිත් ලොකු ටෝක් දැම්මනේ
10:11
Video thumbnail
කාලගුණය ගැන අනතුරු අඟවයි - පීඩන අවපාතය දිවයිනට ඇතුළු වෙන ලකුණු
01:56
Video thumbnail
ලේකම්තුමියට ප#හරදුන් බව කියූ මතුගම සභාපති අධිකරණයට
02:15


?