AFC Banner
AFC Banner
Empty Ad

සුළුතරයට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූ බව බංග්ලාදේශය පිළිගනී

සුළු ජන ප්‍රජාවට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූ බවට බංග්ලාදේශය පිළිගෙන තිබෙනවා.

අගෝස්තු මස 05 වැනි දින බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා ව බලයෙන් නෙරපා හැරීමත් සමග මේ දක්වා බංග්ලාදේශය තුළ සුළු ජාතීන්ට එරෙහිව දරුණු ගණයේ ප්‍රචණ්ඩ ක්‍රියා 88ක් සිදු ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යුනුස්ගේ මාධ්‍ය ලේකම් ෂෆිකුල් අලාම් තහවුරු කළේ මෙම සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 70 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ වනවිට වාර්ගික ප්‍රහාර බංග්ලාදේශයේ උග්‍ර වී ඇති පසුබිමක හින්දු ප්‍රජාවගේ අයිතීන් ද අනාරක්ෂිත තත්ත්වයකට ඇදවැටී තිබෙනවා.

ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි; ඩකා වෙත ගොස් අසල්වැසි රටේ ඉහළ නිලධාරීන් හමු වී මුස්ලිම් බහුතරයක් සිටින ජාතියේ සුළු ජාතීන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය ඉස්මතු කිරීමෙන් දිනකට පසුව බංග්ලාදේශ අන්තර්වාර රජය මේ බව පිළිගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?