සුරතලයට ඇති කළ සුනඛයා පොළවේ ගසා ඇලකට විසිකරලා

නානුඔය ප්‍රදේශයේ වතුයායක පුද්ගලයෙක් විසින්, අසල්වැසියෙකු සුරතලයට ඇති කරන සුනඛයෙක් අල්ලා අමානුෂික ලෙස වද හිංසාවන්ට ලක් කිරීමේ සිද්ධියක් වාර්තා වනවා.

අදාළ පුද්ගලයා විසින් එම සුනඛයාව පොළොවේ ගැසීමෙන් අනතුරුව නානුඹය ඇලට විසිකර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සුනඛයා පිහිනා ඇල මාර්ගයෙන් ගොඩට ඇවිත් ඇති අතර, එම සත්වයා තුවාල ලබා ඇති බවයි සුනඛයාගේ හිමිකරු පවසන්නේ.

මේ අතර මෙම අමානුෂික සිදුවීම පිළිබදව සත්වයාගේ හිමිකරු විසින් නානුඔය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
10
+1
1
+1
4
+1
34
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?