AFC Banner
Empty Ad
Empty Ad

සුමන්තිරන්ගේ වාහනයේ යතුරුපැදියක් ගැටී අනතුරක්

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ගමන්ගත් වාහනයේ ඊයේ (27) පස්වරුවේ අනතුරකට ලක්ව තිබෙනවා.

කිලිනොච්චිය පොලිසිය සඳහන් කළේ මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථයේ යතුරුපැදියක් ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් මන්ත්‍රීවරයාගේ වාහනයේ කිලිනොච්චිය 155 කිලෝමීටර කණුව ප්‍රදේශයේ දී යතුරුපැදියක් ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, මන්ත්‍රීවරයාගේ වාහනයේ ඉදිරිපස කොටසකට සුළු හානියක් සිදුව තිබෙනවා.

යතුරුපැදිකරුගේ අපරීක්ෂාකාරි ධාවනය අනතුරට හේතු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?