සුපිරි හෝටලයකදී සුපිරි දේශපාලකයාටයි බිරිඳටයි සුපිරි ප්‍රතිචාරයක්

ඊයේ රාත්‍රියේ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි පන්නයේ ප්‍රසිද්ධ හෝටලයකදී ආණ්ඩුවේ ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයකුට නොසිතූ විරූ ජනතා විරෝධයක් එල්ල වීම හේතුවෙන් පැමිණි කාර්යයද අතරමග නවතා ආපසු හැරී ගිය පුවතක් වාර්තා වේ.

දැනගන්නට ඇති ආකාරයට ඊයේ රාත්‍රි 9 පමණ වනවිට මෙම හෝටලයේ සාමාන්‍ය ජනතාව විශාල ප්‍රමාණයක් සිය රාත්‍රී භෝජනය ගනිමින් සිට ඇත.

පසුව රාත්‍රී 10.20ට පමණ ආණ්ඩුවේ කැබිනට් නොවන ප්‍රබලම අමාත්‍යවරයකු සිය බිරියද සමගින් මෙම ‌හෝටලයට රාත්‍රී භෝජනය ගැනීමට පැමිණ ඇත.

කෙසේවෙතත් මෙම ප්‍රබල අමාත්‍යවරයා බිරියද සමගින් හෝටලයේ ආහාර ගන්නා පෙදෙසට ඇතුල් වන ආකාරය දැක ඇති ජනතාව ඒ සමගම විවිධ ප්‍රතිචාර දැක්වීමට පටන් ගෙන ඇති බව දැනගන්නට ඇත.

කිසිසේත්ම නොසිතූ ආකාරයට නොනවත්වාම මෙසේ විවිධ ප්‍රතිචාර ලැබෙන්නට වූ බැවින් ‌අදාළ ප්‍රබල අමාත්‍යවරයා සිය බිරියද රැගෙන වහාම එම හෝටලයෙන් රාත්‍රී භෝජනයද ‌නොගෙන පිටත්ව ගිය බවක්ද දැනගන්නට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
544
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?