සුපිරි හෝටලයකදී සුපිරි දේශපාලකයාටයි බිරිඳටයි සුපිරි ප්‍රතිචාරයක්

ඊයේ රාත්‍රියේ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි පන්නයේ ප්‍රසිද්ධ හෝටලයකදී ආණ්ඩුවේ ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයකුට නොසිතූ විරූ ජනතා විරෝධයක් එල්ල වීම හේතුවෙන් පැමිණි කාර්යයද අතරමග නවතා ආපසු හැරී ගිය පුවතක් වාර්තා වේ.

දැනගන්නට ඇති ආකාරයට ඊයේ රාත්‍රි 9 පමණ වනවිට මෙම හෝටලයේ සාමාන්‍ය ජනතාව විශාල ප්‍රමාණයක් සිය රාත්‍රී භෝජනය ගනිමින් සිට ඇත.

පසුව රාත්‍රී 10.20ට පමණ ආණ්ඩුවේ කැබිනට් නොවන ප්‍රබලම අමාත්‍යවරයකු සිය බිරියද සමගින් මෙම ‌හෝටලයට රාත්‍රී භෝජනය ගැනීමට පැමිණ ඇත.

කෙසේවෙතත් මෙම ප්‍රබල අමාත්‍යවරයා බිරියද සමගින් හෝටලයේ ආහාර ගන්නා පෙදෙසට ඇතුල් වන ආකාරය දැක ඇති ජනතාව ඒ සමගම විවිධ ප්‍රතිචාර දැක්වීමට පටන් ගෙන ඇති බව දැනගන්නට ඇත.

කිසිසේත්ම නොසිතූ ආකාරයට නොනවත්වාම මෙසේ විවිධ ප්‍රතිචාර ලැබෙන්නට වූ බැවින් ‌අදාළ ප්‍රබල අමාත්‍යවරයා සිය බිරියද රැගෙන වහාම එම හෝටලයෙන් රාත්‍රී භෝජනයද ‌නොගෙන පිටත්ව ගිය බවක්ද දැනගන්නට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
544
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02