AFC Banner
Empty Ad
Empty Ad

සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ට කොවිඩ් ආසාදනය වෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් තෙන්ඩුල්කාර් හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා. සචින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ තමාට සුළු රෝග ලක්ෂණ මතු වී ඇති බවයි. පවුලේ අන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවයි ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තමන් මේ වන විට නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වන බවත් වෛද්‍ය උපදෙස් අනුව අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින බවත් තෙන්ඩුල්කාර් වැඩිදුරටත් කියා සිටියා. මේ අතර නිමාවූ රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ප්‍රවීණයින්ගේ විස්සයි විස්ස තරඟාවලියට ද සචින් සහභාගී වුණා.

Screenshot 2021 03 27 266688 1 webp WEBP Image 639 × 398
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?