දකුණු අප්‍රිකා ටෙස්ට් තරග සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

එළඹෙන දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

ධනංජය ද සිල්වා නායකත්වය දරණ මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙක් ඇතුළත් වනවා.

මෙම සංචිතය සඳහා වේග පන්දු යවන්නන් පස්දෙනෙක් ඇතුළත්ව ඇති අතර, දඟ පන්දු යන්නන් දෙදෙනෙක් ඇතුළත්.

ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, දිනේෂ් චදිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස්, ලසිත් ඇඹුල්දෙනිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ළහිරු කුමාර

ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව පැවැත්වෙන තරග දෙකකින් යුත් මෙම ටෙස්ට් තරගාවලිය ලබන 27 වනදා ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරඟය දෙසැම්බර් 05 වනදා ආරම්භ වනවා.

ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම මේ වනවිට දකුණු අප්‍රිකාවට ගොස් සිය පුහුණුවීම් අරඹා ඇති අතර,සංචිතයේ අනෙකුත් ක්‍රීඩකයින් සහ නිලධාරීන් ලබන 22 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18