සිසුවෙක් පැදවූ ත්‍රිරෝද රථයක් පෙරළී දරුණු අනතුරක් – සිසුන් 04ක් බරපතළ තත්ත්වයෙන් රෝහලේ (ඡායාරූප)

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා පෙරළී ගොස් සිදු වූ අනතුරකින් එය පැදවූ සිසුවා සහ තවත් සිසුන් තිදෙනෙක් බරපතළ තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගිනිගත්හේන – නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පුස්තකාලය අසළ ඊයේ (18) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ ගිනිගත්හේන, කඩවල දෙමළ මහා විද්‍යාලයේ 12 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුන් පිරිසක්.

පාසලේ පැවති උත්සවයකින් අනතුරුව එම සිසුන් සිව්දෙනා ත්‍රිරෝද රථයෙන් යළි නිවෙස් වෙත ගමන් කරමින් සිටිය දී ඉදිරියෙන් ධාවනය වූ වෑන් රථයකට අපරික්ෂාකාරී ලෙස ඉස්සර කිරීමට යාමේ දී ප්‍රතිවිරුද්ධ දෙසින් බස් රථයක් පැමිණීමත් සමඟ ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගය හරහා පෙරළී ගොස් අනතුර සිදුව තිබෙනවා.

ඒ, සමඟ එහි පසුපස අසුනේ ගමන් ගත් සිසුන් තිදෙනා ප්‍රධාන මාර්ගයට වැටී ඇති අතර, මාර්ගයේ වැටි සිටි සිසුන් තිදෙනාව බේරීම සඳහා බස් රථයේ රියදුරු රථය මාර්ගයෙන් ඉවතට ධාවනය කර ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ අසළ තිබූ ගොඩනැඟිල්ලක තාප්පයක් සහ ගේට්ටුවක ගැටී බස් රථය නතර වී තිබෙනවා.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදුව නැහැ.

ත්‍රිරෝද රථය පැදවූ පාසල් සිසුවාගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව වි ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය සඳහන් කළේ.

ගිනිගත්හේන ත් රිරෝධ බස් රථ අනතුර 19 11 2
ගිනිගත්හේන ත් රිරෝධ බස් රථ අනතුර 19 11 1
ගිනිගත්හේන ත් රිරෝධ බස් රථ අනතුර 19 11 3
ගිනිගත්හේන ත් රිරෝධ බස් රථ අනතුර 19 11 4
2 2
4 1
1 7


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09