යාල කැලේ සරුවට කරගෙන ගිය ගංජා හේන් දෙකක් STF නිලධාරීන් වටලයි

යාල රක්ෂිතයට ඇතුළු වී රක්ෂිතයේ විශාල ප්‍රදේශයක් එළි පෙහෙළිකර හොර රහසේ ගංජා වගා කළ පුද්ගලයන් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීම් දෙකක දී මෙම සැකකරුවන් ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ගෝනගංආර පොලිස් වසමේ යාල රක්ෂිතයේ වෙහෙරගල ප්‍රදේශයේ දී මෙම වැටලීම් දෙක සිදුකර ඇති අතර, එහිදී අක්කර 02ක පමණ ප්‍රදේශයක් එළි පෙහෙළි කර වගාකර තිබූ උස අඩි 06ක් පමණ වූ ගංජා ගස් 42,380 ක් සහිත හේනක් සමඟ තණමල්විල, සූරියආර‍ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 හා 52 යන වයස්වල පසුවන දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව අක්කරයක පමණ ප්‍රදේශයක සරුවට වගාකර තිබූ උස අඩි 04 ක් පමණ වූ ගංජා පැළ 22,450ක් සහිත වගාවක් සමඟ වයස අවුරුදු 30 ක පුද්ගලයෙක් ද විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සාම්පල් ලෙස ගංජා ගස් 20ක් සහ සැකකරුවන් ගෝනගංආර පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, ඉතිරි ගංජා ගස් එම ස්ථානයේදීම ගිනි තබා විනාශ කර කිරීමට විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09