සුපිරි පන්දු යවන්නන් දෙදෙනෙකුට දෙවන ටෙස්ට් තරගය අහිමිව යයි

ලබන 24 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන පාකිස්ථානය සමඟ දෙවන ටෙස්ට් තරගය සඳහා එක්වීමේ අවස්ථාව මහීෂ් තික්ෂණය අහිමි වී ගොස් තිබෙනවා.

දකුණු අතේ ඇඟිල්ලක ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු සංචිතයෙන් නිදහස් කරන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව මහීෂ් තික්ෂණය වෙනුවට නවක දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂිත මානසිංහ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති අතර ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද යළි සංචිතයට කැඳවා තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය දා නිවේදනය කළේ, කොවිඩ් ආසාදනය වූ පැතුම් නිස්සංක සුවය ලබා විවේක ගැනීම සඳහා සංචිතයෙන් ඔහුව නිදහස් කරන බවයි.

කෙසේ වෙතත් පැතුම් යළි සංචිතයට කැඳවීම තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස නායක දිමුත් කරුණාරත්න සමඟ ක්‍රීඩා කරන්නේ පැතුම් ද, නැතිනම් ඕෂධ ප්‍රනාන්දු ද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් මතුව තිබෙනවා.

මේ අතර පාකිස්ථාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩිට 24 වනදා ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය අහිමිව ගොස් තිබෙනවා.,

ඔහුගේ දණහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් දෙවන ටෙස්ට් තරගය ඔහුට අහිමිව යන බවයි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලේ වෙනස්ම විදියකට නව අවුරුදු උදාව සමරපු හැටි..රටටම සෙත් පතා ගාලු මහ බෝධිය අසළ කරපු දේ
01:26
Video thumbnail
මාව ජනාධිපති කරන්න කියලා ගිහින් වල්ලි අම්මගෙන් ඉල්ලපන්
00:48
Video thumbnail
අධ්‍යාපන ලේකම්වරිය බබා.."සමරිසි ප්‍රවර්ධනය කිරිමේ තානාපති අගමැතිතුමිය"
03:04
Video thumbnail
අලුත් අවුරුද්දෙම හොඳම එකෙන් ඇමතූ රංජිත්..මේවා කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දුනේ
09:29
Video thumbnail
මෝටර් රථයක් පොල් ගහක් උඩට ගිය බිහිසුණු අනතුර
01:07
Video thumbnail
මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ල නිසා සංවර්ධන කමිටුව උණුසුම්වෙයි..හෙංචයියෝ වගේ ඉන්න හිතනවනම් සොරි තමයි
09:50
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු එජාප සෙට් එකත් ජයටම සමරපු අලුත් අවුරුදු..මිනිස්සු රනිල් එක්ක Selfie ග#‍‍යි
02:14
Video thumbnail
හරිනි ඉල්ලා අස්වෙන්න ඕනේ - 2026 ආරම්භය සුභදායක නෑ
05:57
Video thumbnail
රුවන්වැලිසෑයට මහ ජන ගඟක් ඇදෙයි..රුවන්වැලිසෑ නායක හිමිගෙන් විශේෂ පණිවිඩයක්
06:49
Video thumbnail
නව වසරට සුභ පැතුම් එක්කළ අටමස්ථානාධිපති..ආපදාවලින් අසරණ වුණ ජනතාවට හැකි පමණින් උදව් උපකාර කරන්න
01:40


?