සුපිරි පන්දු යවන්නන් දෙදෙනෙකුට දෙවන ටෙස්ට් තරගය අහිමිව යයි

ලබන 24 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන පාකිස්ථානය සමඟ දෙවන ටෙස්ට් තරගය සඳහා එක්වීමේ අවස්ථාව මහීෂ් තික්ෂණය අහිමි වී ගොස් තිබෙනවා.

දකුණු අතේ ඇඟිල්ලක ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු සංචිතයෙන් නිදහස් කරන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව මහීෂ් තික්ෂණය වෙනුවට නවක දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂිත මානසිංහ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති අතර ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද යළි සංචිතයට කැඳවා තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය දා නිවේදනය කළේ, කොවිඩ් ආසාදනය වූ පැතුම් නිස්සංක සුවය ලබා විවේක ගැනීම සඳහා සංචිතයෙන් ඔහුව නිදහස් කරන බවයි.

කෙසේ වෙතත් පැතුම් යළි සංචිතයට කැඳවීම තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස නායක දිමුත් කරුණාරත්න සමඟ ක්‍රීඩා කරන්නේ පැතුම් ද, නැතිනම් ඕෂධ ප්‍රනාන්දු ද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් මතුව තිබෙනවා.

මේ අතර පාකිස්ථාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩිට 24 වනදා ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය අහිමිව ගොස් තිබෙනවා.,

ඔහුගේ දණහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් දෙවන ටෙස්ට් තරගය ඔහුට අහිමිව යන බවයි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14