සුපිරි පන්දුවාරයේ දී නැමීබියාවට සුපිරි ජයක්

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගය සුපිරි පන්දුවාරයේ දී ජයගන්නට නැමීබියා කණ්ඩායම සමත් වුණා.

ඕමානය පරදා මෙම තරගය නැමීබියා කණ්ඩායම සුපිරි පන්දුවාරයේ දී ජයගත්තේ ලකුණු 11 කින්.

බ්‍රිජ්ටවුන් හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායමේ ඉනිම පන්දුවාර 19යි පන්දු 04ක් තුළ ලකුණු 109කට සීමා කරන්නට නැමීබියා පන්දු යවන්නන් සමත් වුණා.

ඕමාන ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ කාලිඩ් කයිල් ලකුණු 34ක් සහ සීෂාන් මක්සූද් ලකුණු 22ක් රැස්කළා.

පන්දු යැවීමේ දී රූබන් ට්‍රම්පල්මන් කඩුලු 04ක් සහ ඩේවිඩ් වීස් කඩුලු 03ක් බිඳ දැමුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ඇරඹු නැමීබියානු කණ්ඩායමට ද නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 109ක් පමණයි.

ඒ, අනුව තරගයේ ජයග්‍රහකයින් තීරණය කිරීම සුපිරි පන්දුවාරයට භාරවුණා.

සුපිරි පන්දුවාරයේ දී පළමුව පන්දුවට පහරදුන් නැමීබියානු කණ්ඩායම ලකුණු 21ක් රැස්කරමින් ඕමානයට ලකුණු 22ක අභියෝගයක් ලබාදුන්නා.

ඕමානයට එරෙහිව ලකුණු 22 ආරක්ෂා කිරීමේ වගකීම භාරගෙන පන්දුව අතට ගත්තේ නැමීබියානු කණ්ඩායමේ අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා වන ඩේවිඩ් වීස් විසින්.

එහිදී සුපිරි පන්දුවාර තුළ ඕමානය එක් කඩුල්ලක් දැවී ලකුණු 10කට සීමා කරන්නට සුපිරි පන්දු යැවීමක නිරත වූ ඩේවිඩ් වීස්ට හැකියාව ලැබුණා.

ඒ, අනුව මෙම තරගය ඕමානය පරාජය කරමින් නැමීබියානු කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?