සුපිරි පන්දුවාරයේ දී නැමීබියාවට සුපිරි ජයක්

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගය සුපිරි පන්දුවාරයේ දී ජයගන්නට නැමීබියා කණ්ඩායම සමත් වුණා.

ඕමානය පරදා මෙම තරගය නැමීබියා කණ්ඩායම සුපිරි පන්දුවාරයේ දී ජයගත්තේ ලකුණු 11 කින්.

බ්‍රිජ්ටවුන් හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායමේ ඉනිම පන්දුවාර 19යි පන්දු 04ක් තුළ ලකුණු 109කට සීමා කරන්නට නැමීබියා පන්දු යවන්නන් සමත් වුණා.

ඕමාන ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ කාලිඩ් කයිල් ලකුණු 34ක් සහ සීෂාන් මක්සූද් ලකුණු 22ක් රැස්කළා.

පන්දු යැවීමේ දී රූබන් ට්‍රම්පල්මන් කඩුලු 04ක් සහ ඩේවිඩ් වීස් කඩුලු 03ක් බිඳ දැමුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ඇරඹු නැමීබියානු කණ්ඩායමට ද නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 109ක් පමණයි.

ඒ, අනුව තරගයේ ජයග්‍රහකයින් තීරණය කිරීම සුපිරි පන්දුවාරයට භාරවුණා.

සුපිරි පන්දුවාරයේ දී පළමුව පන්දුවට පහරදුන් නැමීබියානු කණ්ඩායම ලකුණු 21ක් රැස්කරමින් ඕමානයට ලකුණු 22ක අභියෝගයක් ලබාදුන්නා.

ඕමානයට එරෙහිව ලකුණු 22 ආරක්ෂා කිරීමේ වගකීම භාරගෙන පන්දුව අතට ගත්තේ නැමීබියානු කණ්ඩායමේ අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා වන ඩේවිඩ් වීස් විසින්.

එහිදී සුපිරි පන්දුවාර තුළ ඕමානය එක් කඩුල්ලක් දැවී ලකුණු 10කට සීමා කරන්නට සුපිරි පන්දු යැවීමක නිරත වූ ඩේවිඩ් වීස්ට හැකියාව ලැබුණා.

ඒ, අනුව මෙම තරගය ඕමානය පරාජය කරමින් නැමීබියානු කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32
Video thumbnail
නාමල් කොටුව උසාවියට
00:27
Video thumbnail
නාමල්ද, වෙන මොන රාජපක්ෂද, වික්‍රමසිංහද ඒක අදාළ නෑ අපිට - වැරදි කරපු අයට අනිවාර්යෙන් දඬුවම්
03:20
Video thumbnail
නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
22 එරෙහිව 24වෙනිදා මුළු රටම එකතු කරනවා පාර්ලිමේන්තු වට රවුමට - දේශපාලනය ගෙනල්ලා මේක කඩන්න එපා
08:11
Video thumbnail
මහින්දගෙන් පාඩමක් ඉගෙනගන්න - තිස්සකුට්ටිට දුමින්ද උත්තර දෙයි
05:47
Video thumbnail
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කළු විරෝධතාව
02:18