AFC Banner
Empty Ad
Empty Ad

සුපිරි නළු ධනුෂ් සහ බිරිඳ අයිශ්වර්යාගේ දික්කසාද දිවිය අවසන්

මෙම වසරේ ජනවාරි මාසයේ දී දික්කසාද වූ කොලිවුඩ් සුපිරි නළු ධනුෂ් සහ ඔහුගේ බිරිඳ අයිශ්වර්යා රජිනිකාන්ත් යළි එක්වීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ එළඹෙන නොවැම්බර් මස 18 වනදාට යෙදෙන ඔවුන්ගේ විවාහ සංවත්සර දිනයේ දී මෙම දෙදෙනා යළි එක්වීමට තීරණය කර ඇති බවයි.

ධනුෂ් සහ ඓශ්වර්යා, ඓශ්වර්යාගේ පියා වන දකුණු ඉන්දීය සුපිරි නළු රාජිනිකාන්ත් සමඟ එක්ව සිදුකළ දීර්ඝ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ධනුෂ් සහ ඓශ්වර්යා මෙම වසරේ ජනවාරි මාසයේදී ඔවුන්ගේ 18 වසරක විවාහය කටුගා දැමීමට තීරණය කළ අතර ඔවුන්ගේ වෙන්වීම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමට දෙදෙනාම කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් දෙදෙනාම ඊට හේතුව ප්‍රසිද්ධ නොකිරීමටයි වහබලා ගත්තේ.

මස නවයක දික්කසාද ජීවිතයට තිත තබන්නට දෙදෙනාම ගෙන ඇති මෙම තීරණය සම්බධව ඉන්දීය සිනමාවේ දැවැන්තයින් රැසක් ඔවුනට සුබපතා ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

https://youtu.be/0TPjS7XJ1NY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
192
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?