සුපිරි දෙමහල් නිවසකට දිනකට රු:5000ක කුලියක් දී සූක්ෂ්මව ගෙන ගිය මත්පැන් පෙරිල්ල

කොටදෙනියාව පොලිස් වසමේ මැල්ලවගෙදර ප්‍රදේශයේ තාප්පවලින් වට වූ සුවිසල් දෙමහල් නිවසක හොර රහසේ පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වටලා පුද්ගලයින් තිදෙනෙකු සමග රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා දේපළ අත්අඩංගුවට ගත් බව කොටදෙනියාව පොලිසිය පවසනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; පොලිසියට ලද තොරතුරක් මත ඊයේ (25) සවස සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ගෝඩා බැරල් පනහක්, පෙරන ලද කසිප්පු ස්ප්‍රීතු බෝතල් 45 බැගින් අඩංගු වූ කෑන් 12ක්, සීනි මිටි 10ක්, ඊස්ට් පැකට් 04ක්, ගෑස් සිලින්ඩර් 09ක් සමග පෙරීමේ උපකරණ රැසක් පොලිස් අත් අඩංගුවට ගැනුණා.

දැවැන්ත දෙමහල් නිවසක් දිනකට රුපියල් 5000 බැගින් වූ කුලී පදනම මත ලබාගෙන මෙම ජාවාරම මසකට වැඩි කලක් සිදු කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණයේ දී හෙළි ව තිබෙනවා.

බිම් මහලේ සාලය ඇතුළු කාමර යොදාගෙන කසිප්පු පෙරීම සිදුකර ඇති අතර නිවස හිමිකරු හා ඔහුගේ භාර්‍යාව ඉහළ මාලයේ ජීවත් ව ඇති බවයි පැවසෙන්නේ.

නිවස හිමිකරු රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයෙක් බව ද අනාවරණය ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගනේගොඩ, මැල්ලවගෙදර, හලාවත පෙදෙස්වල පදිංචිකරුවන්.

මෙම ජාවාරම පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු ගනේගොඩ පදිංචිකරුවකු බව ද ඔහු මීරිගම ප්‍රදේශයේ ආන්දෝලනාත්මක සිද්ධීන්වලට සම්බන්ධ ප්‍රධාන පෙළේ කසිප්පු ජාවාරම්කරුවකුගේ සමීප හිතවතෙකු බව ද කොටදෙනියාව පොලිසිය පවසනවා.

මීගමුව කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරාගේ උපදෙස් හා සහකාර පොලිස් අධිකාරි සෙනරත් එදිරිසිංහගේ මෙහෙයුම යටතේ මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
11
+1
5
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58