AFC Banner
Empty Ad
Empty Ad

සුපිරි දෙමහල් නිවසකට දිනකට රු:5000ක කුලියක් දී සූක්ෂ්මව ගෙන ගිය මත්පැන් පෙරිල්ල

කොටදෙනියාව පොලිස් වසමේ මැල්ලවගෙදර ප්‍රදේශයේ තාප්පවලින් වට වූ සුවිසල් දෙමහල් නිවසක හොර රහසේ පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වටලා පුද්ගලයින් තිදෙනෙකු සමග රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා දේපළ අත්අඩංගුවට ගත් බව කොටදෙනියාව පොලිසිය පවසනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; පොලිසියට ලද තොරතුරක් මත ඊයේ (25) සවස සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ගෝඩා බැරල් පනහක්, පෙරන ලද කසිප්පු ස්ප්‍රීතු බෝතල් 45 බැගින් අඩංගු වූ කෑන් 12ක්, සීනි මිටි 10ක්, ඊස්ට් පැකට් 04ක්, ගෑස් සිලින්ඩර් 09ක් සමග පෙරීමේ උපකරණ රැසක් පොලිස් අත් අඩංගුවට ගැනුණා.

දැවැන්ත දෙමහල් නිවසක් දිනකට රුපියල් 5000 බැගින් වූ කුලී පදනම මත ලබාගෙන මෙම ජාවාරම මසකට වැඩි කලක් සිදු කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණයේ දී හෙළි ව තිබෙනවා.

බිම් මහලේ සාලය ඇතුළු කාමර යොදාගෙන කසිප්පු පෙරීම සිදුකර ඇති අතර නිවස හිමිකරු හා ඔහුගේ භාර්‍යාව ඉහළ මාලයේ ජීවත් ව ඇති බවයි පැවසෙන්නේ.

නිවස හිමිකරු රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයෙක් බව ද අනාවරණය ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගනේගොඩ, මැල්ලවගෙදර, හලාවත පෙදෙස්වල පදිංචිකරුවන්.

මෙම ජාවාරම පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු ගනේගොඩ පදිංචිකරුවකු බව ද ඔහු මීරිගම ප්‍රදේශයේ ආන්දෝලනාත්මක සිද්ධීන්වලට සම්බන්ධ ප්‍රධාන පෙළේ කසිප්පු ජාවාරම්කරුවකුගේ සමීප හිතවතෙකු බව ද කොටදෙනියාව පොලිසිය පවසනවා.

මීගමුව කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරාගේ උපදෙස් හා සහකාර පොලිස් අධිකාරි සෙනරත් එදිරිසිංහගේ මෙහෙයුම යටතේ මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෑස් ටැංකියට සහය දුන්නු අය හදීසියේ හමුවෙයි #ranilwickremesinghe
04:14
Video thumbnail
ඇයි සහරාන් ගැන හන්ගන් හිටියේ ? පාස්කු ඉරිදා ප්‍රහාරය - BOOK LAUNCH #booklaunch
05:49
Video thumbnail
වෙනස් විදියකට හිතපු කල්පිටියේ බීට් ගොවියෝ - හිතුවෝත් මොනවද කරන්න බැරි?
02:35
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:11
Video thumbnail
බොරු සෝබන නෑ - කැටයම් නෑ - දැන් අපිට ඉන්නේ - ජව සම්පන්න නායකයෙක් #akd #anurakumaradissanayaka
02:02
Video thumbnail
කැළණියේ කෙල්ලෝ - කොල්ලෝ - මාලිමාවේ ජයග්‍රහණය අමුතුම විදියට සමරයි #npp #anurakumaradissanayaka
02:51
Video thumbnail
ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න ඔයත් කැමතිද?
05:05
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48

?