Empty Ad
AFC Banner
Empty Ad

සුප්‍රසිද්ධ සමාගමකින් මෙරට දියවැඩියා රෝගයට එරෙහිව ආ Glyclapan MR 60 ඖෂධය

ශ්‍රී ලංකාවේ ඖෂධ ක්ෂේත්‍රයේ පුරෝගාමියකු ලෙස Gamma Interpharm (පෞද්ගලික) සමාගම සිය කීර්ති නාමය තවදුරටත් තහවුරු කරමින් වර්ෂ 2025 ක් වූ මාර්තු මස පළමු වන දින කොළඹ සිනමන් ලයිෆ් හි උත්කර්ෂවත් උත්සවයක් පවත්වමින් Glyclapan MR 60 ඖෂධය එළි දක්වනු ලැබුවා.

මෙම සුවිශේෂී අවස්ථාව වෛද්‍ය වෘත්තිකයන්, ප්‍රධාන පාර්ශ්වකරුවන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් වර්ණවත් වූ බවයි එම සමාගම නිවේදනය කරන්නේ.

Glyclapan MR 60 ඖෂධය යනු ශ්‍රී ලංකාවේ සායනිකව තහවුරු කරන ලද පළමු Gliclazide Modified-Release 60mg ඖෂධය යි.

එහි ජෛව සමානාත්මතාවය (BE) අධ්‍යයනය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) තුළ සාර්ථකව සිදු කරමින් මෙම නවෝත්පාදන සන්නාමය සායනිකව තහවුරු කෙරුණා.

මෙය සුවිශේෂී ජයග්‍රහණයක් වනුයේ, ශ්‍රී ලාංකිකයන් විසින් ම ශ්‍රී ලාංකිකයන් සඳහා Glyclapan MR 60 ඖෂධය, දේශීය ජන ප්‍රජාවගේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් සපුරාලන බව හා එහි මනා ගැලපීම තහවුරු කිරීමයි.

ආරාධිත කථික බර්ම්හෑම් කාන්තා හා ළමා රෝහලේ (BWC) උපදේශක, අන්තරාසර්ග විශේෂඥ වෛද්‍ය, සුමා උදය මහත්මිය ආරාධිත කතාව පවත්වනු ලැබූ අතර, ළමා තරබාරුකම සහ දෙවන වර්ගයේ දියවැඩියාව පිළිබඳ මතුවෙමින් පවතින සමාජ ගැටලුව කෙරෙහි අවධානය යොමු කරමින් ඉතා අගනා දේශනයක් පැවැත්වූවා.

මීට අමතරව, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජෛව සමානතා (BE) අධ්‍යයන අංශ ප්‍රධාන පරීක්ෂක සහ උපදේශක අන්තර්ක්‍රියාකාරී හෘද රෝග විශේෂඥ මහාචාර්ය පණ්ඩුල අතාවුද-ආරච්චි මහතා, ජෛව සමානතා (BE) අධ්‍යයනවල වැදගත්කම ඉස්මතු කරමින් සහ මෙම අධ්‍යයනයන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිදුවන ආකාරය පිළිබඳ මනා අවබෝධයක් ලබා දුන්නා.

පිළියන්දල මඩපාත පිහිටි අති නවීන නිෂ්පාදනාගාර තුළ ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් සම්මත කරන ලද මනා නිෂ්පාදන පිළිවෙත් (GMP) මාර්ගෝපදේශවලට අනුකූලව සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ඖෂධ නිෂ්පාදන සඳහා වන ප්‍රධාන මූලධර්ම මත පදනම්ව නිෂ්පාදනයන් සිදු කරනු ඇති.

Gamma Interpharm ආයතනයේ සුවිශේෂීතාවක් වනුයේ ඖෂධ නියාමනයන්ට හා සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදන ක්‍රියාවලීන්ට අනුකූල වෙමින් ශ්‍රී ලංකාවේ ජෛව සමානතා අධ්‍යයන පැවැත්වීමේ පෙරමුණේ සිටීමයි.

සාඩම්බර දශක හයකට වැඩි උරුමයක් සමඟින් Gamma Interpharm පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනයේ විශිෂ්ටයින් අතර ප්‍රතාපවත්ව වැජඹෙමින් සිටිනවා.

1995 වසරේ සිට Interpharm (පෞද්ගලික) සමාගම, රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයටම උසස් තත්ත්වයෙන් සාමාන්‍ය ඖෂධ නිෂ්පාදනය කළ අතර පසුව සන්නාමගත ඖෂධ නිෂ්පාදනයන් දක්වා ද ව්‍යාප්ත වුණා.

Warner Lambert USA iy Pfizer Inc. USA යන අනුබද්ධිත ආයතනවල බලපත්‍රලාභීන් ලෙස ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්තයේ පුරෝගාමියකු වන Gamma Pharmaceuticals (පෞද්ගලික) සමාගම සහ Pfizer Inc. USA (පෞද්ගලික) සමාගම ඒකාබද්ධ වීමෙන් බිහි වූ Gamma Interpharm පෞද්ගලික සමාගම විශ්වාසයේ උරුමයක් සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාව සඳහා නොසැලෙන කැපවීමක් ගොඩනගා ගනිමින් ශක්තිමත්ව ඉදිරියට ගමන් කරනවා.

අපගේ දිගුකාලීන සහයෝගීතාවයන් තුළින්, අපි අද දක්වා අපගේ විශේෂඥතාව වැඩි දියුණු කරමින් උසස් විදේශීය තාක්ෂණය ද ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Gamma Interpharm (පෞද්ගලික) සමාගම මියන්මාරය, මාලදිවයින, කාම්බෝජය, වියට්නාමය, පිලිපීනය වෙත ව්‍යාප්ත වී ඇති අතර ජාත්‍යාන්තර ප්‍රමිතීන් සපුරාලනවා.

ඒ හරහා අපනයන විදේශ විනිමය උපයන අතර ඖෂධ ක්ෂේත්‍රයේ විදේශ විනිමය ප්‍රවාහය සමතුලිත කිරීමෙන් රටේ ආර්ථිකයට සහාය වනු ඇති.

මෙම සමාගම නවතම Pharmacopoeia ප්‍රමිතීන්ට අනුකූලව අමුද්‍රව්‍ය ලබා ගැනීමෙන්, නිතිපතා වෙළෙඳ පාර්ශ්වය විගණනය කිරීමෙන්, සහ මිල දී ගැනීමට පෙර FAT (කර්මාන්තශාලා පිළිගැනීමේ පරීක්ෂණ) හරහා යන්ත්‍ර සුදුසුකම් ලැබීමෙන් ඉහළම ගුණාත්මක භාවය සහතික කරනු ඇති.

වෙළෙඳපොළ නිරීක්ෂණය මගින් නිෂ්පාදන විභවය භාවිතා කරන කාලය දක්වා සහතික කරන අතර නිෂ්පාදනය සහ බෙදා හැරීමේ සෑම අදියරයක දී ම විශිෂ්ටත්වය පවත්වා ගන්නවා.

Gamma Interpharm (පෞද්ගලික) සමාගම කොවිඩ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදය ඇතුළු අභියෝගාත්මක කාලවල දී රාජ්‍ය රෝහල්වල සහ පෞද්ගලික අංශය යන අංශ දෙකටම සිය නිෂ්පාදනවල අඛණ්ඩ සැපයුමක් සහතිකිරීමෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇති.

ව්‍යාපාරයෙන් ඔබ්බට Gamma Interpharm (පෞද්ගලික) සමාගම ආයතනික සමාජීය වගකීම් (CSR) සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වන අතර ලේඩි – රිජ්වේ රෝහලේ ලිට්ල් හාට්ස් ව්‍යාපෘතිය, දිවයින පුරා වෛද්‍ය කඳවුරු, සෞඛ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන්, පාසල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති, මෙන්ම රාජ්‍ය රෝහල් පරිත්‍යාග ඇතුළු තවත් බොහෝ දේ සඳහා දායක වී තිබෙනවා.

Glyclapan MR 60mg එළිදැක්වීම Gamma Interpharm හි ඖෂධ විශිෂ්ටත්වය කරා යන ගමනේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.

Gamma Interpharm පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්තයේ පොරෝගාමියකු වන අතර, කලාපීය ව්‍යාප්තිය සඳහා අභිලාෂකාමී සැලසුම් සහ අති නවීන ඖෂධ පර්යේෂණ සඳහා අඛණ්ඩ ආයෝජන සමගින්, ශ්‍රී ලංකාව සහ ඉන් ඔබ්බට උසස් තත්ත්වයේ ආරක්ෂිත, කාර්යක්ෂම, දැරිය හැකි, සහ ප්‍රවේශ විය හැකි, සෞඛ්‍ය සේවා විසඳුම් ලබාදීම සඳහා සමාගම ඇප කැපවීමෙන් සිටින බව ද නිවේදනය කරනවා.

සැබවින්ම ශ්‍රී ලාංකික ඖෂධ නිෂ්පාදනයකු ලෙසල Gamma Interpharm පෞද්ගලික සමාගම සැමට සෞඛ්‍ය සම්පන්න අනාගතයක් සහතික කරමින් පෙරටම ගමන් කිරීම ඔවුන්ගේ එකම අපේක්ෂාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
00:00
Video thumbnail
විමල්ට ලෙඩක් වැටෙයි - හදිසියේ මාධ්‍ය හමුවක් කැඳවයි
23:10
Video thumbnail
ඇසිල්ලෙන් මිසිං වෙන රිලව් - අල්ලන්න හදන බුද්ධිමත් ආණ්ඩුව
04:37
Video thumbnail
නාමල් බූරු කුට්ටමේ ජෝකර් වගේ ඇට පිටින් ගංජා ගහපු එකා වගේ කියවනවා
10:23
Video thumbnail
PRAHARAYA | ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:26:25
Video thumbnail
ඔයානේ හොරු අල්ලන්න ආපු ඇමති - සජබේ චමින්ද ඇමති වසන්ත උදේම ඇවිලෙයි
06:47
Video thumbnail
හෙට වර්ජනයට අපි නම් එන්නේ නෑ
09:57
Video thumbnail
මාලිමාවේ අයගේ පඩි යන්නේ කොහෙටද ? මගේ පඩිය එන්නේ මගේ බැංකු ගිණුමට
01:00
Video thumbnail
තවත් ලෙඩක් ආණ්ඩුවට වැටෙන්න යයි - මෙන්න තවත් කට්ටියක් වර්ජනයට සැරසෙයි
14:21
Video thumbnail
මාලිමාවේ පිරිසක් සජබයට එක්වෙයි
08:58

?