AFC Banner
Empty Ad
Empty Ad

සුපර් ස්ටාර් රජිනි රෝහලෙන් පිටව යයි

කෙටි රෝහල් ගතවීමෙන් පසු ඊයේ (03) රාත්‍රියේ සුපිරි ඉන්දීය නළු රජිනිකාන්ත් රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එලෙස රෝහලෙන් පිටව ගිය රජිනිකාන්ත්, තමන් වෙනුවෙන් සහයෝගය ලබා දුන් සියලු දෙනාට ස්තූතිය පළ කරමින් නිවේදනයක් නිකුත්කර ඇති බවයි.

රජිනිකාන්ත් එක්ස් හි දෙමළ බසින් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, “මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ මගේ සියලුම දේශපාලන මිතුරන්ට, මගේ සියලුම සිනමා සහෝදර මිතුරන්ට, මගේ අවංක ස්තුතිය පළකරනවා. ඒ වගේම මාව ජීවත් කරවන මට සුවය ප්‍රාර්ථනා කළ මට අසීමිත ලෙස ආදරය කරන මාව හදපු රසික රසිකාවියන් සැමට මාගේ අවංක කෘතඥතාව පළකරමි.” යනුවෙන්.

පසුගිය 30 වනදා රාත්‍රියේ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් රජිනිකාන්ත් චෙන්නායි හි ග්‍රීම්ස් පාරේ ඇපලෝ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

ඔහුගේ හදවතේ ප්‍රධාන රුධිර නාලයේ ඇති වූ ඉදිමීමක් හේතුවෙන් රෝහල් දී ඊට ප්‍රතිකාර කළ බවයි හෘද රෝග විශේෂඥ වෛද්‍ය සායි සතිෂ් සඳහන් කළේ.

8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?