සුනාමි ව්‍යසනයට අදට වසර 17 ක් …

2004 වසරේදී සිදු වූ ලොවම කඳුළින් තෙත් කල සුනාමි ව්‍යසනයට අදට වසර 17 ක් සපිරෙනවා.
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ ගැඹුරු මුහුදේ හටගත් රික්ටර් මාපකයේ ඒකක 9.0 ක් ලෙස සටහන්වූ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙනුයි හටගත් මෙම “උදම් රළ පහර” මගින් ශ්‍රී ලංකාව / ඉන්දුනීසියාව / තායිලන්තය / ඉන්දියාව ඇතුලූ රටවල් 14 කින් වාර්තාවූ පුද්ගල මරණ සංඛ්‍යාව දෙලක්ෂ 28 දහසකට ආසන්නයි.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ තහවුරු කරගත් මරණ සංඛ්‍යාව 35 000 කට ආසන්නයි.ඉන් දෙදහසකට ආසන්න පිරිසක් මියගියේ ලොව දරුණුතම දුම්රිය අනතුර ලෙස සැළකෙන පැරෑළිය තෙල්වත්ත දුම්රිය අනතුරෙනුයි.2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර සුනාමි ඇතුලු ආපදා හමුවේ මිය ගිය සියල්ලන් සිහිපත් කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ අනුව අද පෙරවරු 09.25 සිට 09.27 දක්වා විනාඩි 02 ක කාලයක් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මෙවර ජාතික ආරක්ෂක දින ප්‍රධාන උත්සවය ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියස දී රාජ්‍ය නිළධාරින්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙන්ම ප්‍රජාවගේ ද සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58