සුනාමිය ගැන කලින්ම දැනුවත් කරන මොබයිල් ඇප් එකක් හෙට සිට

මෙරට ඉතිහාසයේ සිදු වූ දරුණුතම ස්වභාවික ආපදාව ලෙස සැලකෙන සුනාමි ඛේදවාචකය සිදු වී හෙට (26) දිනට වසර 19ක් ගතවනවා.

හෙටට යෙදෙන සුනාමි සැමරුම වෙනුවෙන් ජාතික වශයෙන් සහ දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සුදන්ත රණසිංහ පැවසුවේ.

ඒ, අනුව එම සැමරුමට සමගාමීව සුනාමි අනතුරු ඇඟවීම් දැනුම්දීමේ විශේෂ දුරකථන නාදමාලාවක් හඳුන්වාදීමට නියමිත බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ.

සියලුම දුරකථන සමාගම් එක්ව මෙම විශේෂිත වැඩපිළිවෙල හඳුන්වා දෙන බව සඳහන් කළ ඔහු, සුනාමි උවදුරට ගොඳුරු වූ දිස්ත්‍රික්ක 14ක ජනතාව වෙනුවෙන් මෙම විශේෂිත වැඩපිළිවෙල මූලික වශයෙන් හඳුන්වා දෙන බවයි සඳහන් කළේ.

ඒ, අනුව හෙට (26) දිනයේ සිට මෙම දුරකථන ඇප්ලිකේෂනය (APP) දුරකථනවලට භාගත කිරීමේ අවස්ථාව ලබාදෙන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවා.

මේ අතර සීමිත දුරකථන සංඛ්‍යාවකට මෙම ඇප්ලිකේෂනය මේ වනවිටත් භාගත කිරීමට අවස්ථාව සලසා දී ඇති බව සඳහන් කළ ඔහු , එම දුරකථන සඳහා පෙරහුරුවක් ලෙස හෙට (26) දින පෙරවරු 10.00ත් 10.30ත් අතර කාලය තුළ අදාළ අනතුරු ඇඟවීමේ නාදමාලාව නිකුත් කරන බව වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?