AFC Banner
AFC Banner
Empty Ad

සුනාමියට වසර 19යි – පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි 02ක නිහඬතාවක්

සුනාමි ව්‍යවසනය සිදු වී අදට වසර 19ක් ගතවනවා.

මෙම ඛේදවාචකයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම වෙනුවෙන් අද (26) දිනයේ විශේෂ වැඩසටහන රැසක් දිවයින පුරා ක්‍රියාත්මක වනවා.

මේ අතර සුනාමි ව්‍යවසනයෙන් මිය ගිය ජනතාව සිහිපත් කරමින් අද (26) පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පළකරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

2004 වර්ෂයේ දෙසැම්බර් 26 වන දින ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත්වලට බටහිරින් හටගත් භූකම්පනයකින් පසු ඇති වූ සුනාමි ව්‍යසනයෙන් මෙරටට දැඩි බලපෑමක් එල්ල කළා.

මෙරට මුහුදුබඩ දිස්ත්‍රික්ක 14ක් මෙම ව්‍යවසනයට ගොඳුරු වූ අතර, එහිදී පුද්ගලයින් 35,000කට වැඩි සංඛ්‍යාවක් මියගොස් තවත් විශාල පිරිසක් අතුරුදන් වුණා.

එමෙන්ම විශාල පිරිසකට තමන් ගොඩ නඟාගෙන තිබූ දේපළ අහිමි වූ අතර,ශ්‍රි ලංකාවේ වෙරළ කලාපයට දැඩි බලපෑමක් ද මෙමඟින් එල්ල කළා.

මේ අතර ලොව දරුණුතම දුම්රිය අනතුරක් ලෙසට ද සැලකෙන පැරෑලිය දුම්රිය අනතුර ද සිදුවුණේ දුම්රිය සුනාමි රළ පහරට හසුවීමත් සමඟයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සුදන්ත රණසිංහ සඳහන් කළේ අද (26) දිනයේ දී සුනාමි අනතුරු ඇඟවීම් දැනුම්දීමේ විශේෂ ජංගම දුරකථන යෙදවුමක් (App) හඳුන්වාදීමට නියමිත බවයි

සුනාමි ව්‍යසනය සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිපත් කිරීම සඳහා 2005 අංක 15/1975/715/001-1 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව 2006 වර්ෂයේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වැනි දින ‘ජාතික සුරක්ෂිත දිනය’ ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?