සුනාමියට වසර 19යි – පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි 02ක නිහඬතාවක්

සුනාමි ව්‍යවසනය සිදු වී අදට වසර 19ක් ගතවනවා.

මෙම ඛේදවාචකයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම වෙනුවෙන් අද (26) දිනයේ විශේෂ වැඩසටහන රැසක් දිවයින පුරා ක්‍රියාත්මක වනවා.

මේ අතර සුනාමි ව්‍යවසනයෙන් මිය ගිය ජනතාව සිහිපත් කරමින් අද (26) පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පළකරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

2004 වර්ෂයේ දෙසැම්බර් 26 වන දින ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත්වලට බටහිරින් හටගත් භූකම්පනයකින් පසු ඇති වූ සුනාමි ව්‍යසනයෙන් මෙරටට දැඩි බලපෑමක් එල්ල කළා.

මෙරට මුහුදුබඩ දිස්ත්‍රික්ක 14ක් මෙම ව්‍යවසනයට ගොඳුරු වූ අතර, එහිදී පුද්ගලයින් 35,000කට වැඩි සංඛ්‍යාවක් මියගොස් තවත් විශාල පිරිසක් අතුරුදන් වුණා.

එමෙන්ම විශාල පිරිසකට තමන් ගොඩ නඟාගෙන තිබූ දේපළ අහිමි වූ අතර,ශ්‍රි ලංකාවේ වෙරළ කලාපයට දැඩි බලපෑමක් ද මෙමඟින් එල්ල කළා.

මේ අතර ලොව දරුණුතම දුම්රිය අනතුරක් ලෙසට ද සැලකෙන පැරෑලිය දුම්රිය අනතුර ද සිදුවුණේ දුම්රිය සුනාමි රළ පහරට හසුවීමත් සමඟයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සුදන්ත රණසිංහ සඳහන් කළේ අද (26) දිනයේ දී සුනාමි අනතුරු ඇඟවීම් දැනුම්දීමේ විශේෂ ජංගම දුරකථන යෙදවුමක් (App) හඳුන්වාදීමට නියමිත බවයි

සුනාමි ව්‍යසනය සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිපත් කිරීම සඳහා 2005 අංක 15/1975/715/001-1 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව 2006 වර්ෂයේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වැනි දින ‘ජාතික සුරක්ෂිත දිනය’ ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03