සුදු කතගේ මෙරට දරු පෙමට එරටින් තහංචි

එක්සත් රාජධානියේ හදිසි හෘද ප්‍රතිකාර අවශ්‍යව සිටින බ්‍රිතාන්‍ය කාන්තාවක ඇය විසින් නීත්‍යනුකූලව හදා වඩාගත් ශ්‍රී ලාංකික නිවුන් දැරියන් දෙදෙනා එටරටට රැගෙන යෑමට එරට බලධාරීන් අවසර ලබානොදීම හේතුවෙන් අසීරුතාවට පත්ව සිටින බව ඊව්නින්ග් ස්ටෑන්ඩර්ඩ් (Evening Standard) ඇතුළු බ්‍රිතාන්‍ය පුවත්සේවා වාර්තා කරයි. බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ලීසා කීර්තිචන්ද්‍ර හා ඇයගේ සැමියා වන ඩෑස් ශ්‍රී ලංකාවේ ළමා නිවාසයකින් නිවුන් දැරියන් දෙදෙනකු දරුකමට හදාගැනීමට ලබාගන්නා ලද්දේ 2019 වසරේදීය. ඔවුහු දැරියන්ට ලැවීනියා සහ ආරියා යැයි නම් තැබූහ.

ශ්‍රී ලංකාවේ රැඳී සිටින ලීසාට දැන් හදිසි හාද රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම වෙනුවෙන් බ්‍රිතාන්‍යයට යෑමට අවශ්‍යව ඇත. එහෙත් එරට ආගමන විගමන නිලධාරීන් ඇයට දන්වා ඇත්තේ දරුවන් එක්සත් රාජධානියට රැගෙන ඒමට නොහැකි බවයි. මම යුවළ 2013 වසරේ ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇති අතර දැනට 44 හැවිරිදි වියේ පසුවන ලීසාට ‘අස්ථායී ඇන්ජයිනා’ නම් හෘද රෝගී තත්ත්වය වැලඳී ඇති අතර ඕනෑම අවස්ථාවක හදිසි හෘදයාබාධයකට ලක්වීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරු පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් ලීසාගේ නීතිඥයන් සහ වීසා විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ මෙම නිවුන් දැරියන් බ්‍රිතාන්‍යයේ ගමන් බලපත්‍ර දැරීමට සුදුසුකම් ලබා ඇති බවයි. එසේම බ්‍රිතාන්‍ය පුරවැසියන්ට දරුවන් දරුකමට හදාවඩා ගැනීමට ලබාදෙන සහතිකයද මෙම බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා සතුව පවතින බවද ඔවුහු පෙන්වා දෙති.

‘‘ඔබ මවක් වූ විට ඔබ බියට පත්වන්නේ ඔබේ ජීවිතය වෙනුවෙන් හෝ ඔබේ දරුවන්ගේ ජීවිත පිළිබඳවයි. මට මගේ ගැහැනු දරුවන් දෙදෙනා නොමැතිව වෛද්‍ය ප්‍රතිකාර සඳහා බ්‍රිතාන්‍යයට යෑමට නොහැකියි. ඔවුන්ට මා නොමැතිව එක දවසක්වත් සිටිය නොහැකියි. මා නැති වුණොත් ඔවුන්ට විශාල කම්පනයක් ඇතිවේවි’’ යැයි ලීසා ඊව්නින්ග් සැටෑන්ඩර්ඩ් වෙත පවසා ඇත.

ලීසාට වැළඳී ඇති Ehlers Danlos Syndrome (EDS) නම් රෝගී තත්ත්වයට ප්‍රමාණවත් ප්‍රතිකාර ලබාදීමට ශ්‍රී ලංකාවේ වෛද්‍ය විශේෂඥ​යෝ මේ වනවිට අපොහොසත් වී සිටිති. ලීසා දැනට ශ්‍රී ලාංකික විශේෂඥයන්ගේ අධීක්ෂණය යටතේ සිටියද ඔවුන් ඇයට උපදෙස් ලබාදී ඇත්තේ හැකිතරම් ඉක්මනින් බ්‍රිතාන්‍යයට ගොස් ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි. වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම කීර්තිචන්ද්‍ර පවුල දැන් සිය නීතිඥයන් හරහා අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවයි.

හදිසි හෘද ප්‍රතිකාර සඳහා

බ්‍රිතාන්‍යයට යාමට අවශ්‍ය වුවත්

දරුකමට හදාගත් නිවුන් දැරියන්ට

අවසර නෑ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ චෝදනාවලට කොට්ටහච්චි තිත තියයි
09:52
Video thumbnail
ජනතාව ඇපයට තියලා රට වට්ටන්න අපි සූදානම් නෑ
04:57
Video thumbnail
යුද්ධය ගැන හිටපු ජනපති මහින්ද කිව්ව දේ..අපේ වරායන්වල ඉඩ දුන්නම කොහෙන් හරි කන්න වෙනවා
01:53
Video thumbnail
අමරිකානු මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්..ඉරානය නෞකාවට ප#ර දීම හෙළා දකිනවා
01:30
Video thumbnail
ගුරුනගර්වල බෝටුවක් පෙ#ළීමෙන් දෙදෙනෙකුගේ දිවි අහිමි වෙයි..මෙන්න නවතම දර්ශන
01:27
Video thumbnail
"ජාත්‍යන්තර යුද තත්ත්වය අපි නිර්මාණය කරපු එකක් නෙවෙයි"..විපක්ෂයේ සෙට් එකට ටිල්වින්ගෙන් සැර සත්තමක්
09:13
Video thumbnail
සජිත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
13:17
Video thumbnail
චාමර පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..දෙවෙනි නැවත් අපිට බෝලේ පාස් කළා..කෙ#නකන් කවුරුත් දන්නේ නෑ
03:50
Video thumbnail
හදිසි නීතිය තවත් දීර්ඝ කිරීමට හේතු කියන අරුණ ජයසේකර
04:37
Video thumbnail
මිහින්තලේ හිමි ට්‍රම්ෆ්ගෙන් ගේම ඉල්ලයි? ඇයි බයද?අම්මා අප්පාගේ රටවල් නෙවෙයිනේ
04:34