සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීම කිසිඳු පීඩනයක් නෙවෙයි – දසුන් ශානක (වීඩියෝ)

ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සුළුවට ගත නොහැකි තරගාවලියක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසනවා.

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දසුන් මේ බව සඳහන් කළා.

එමෙන්ම සිම්බාබ්වේ දේශයේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක ලෙස කටයුතු කරන හිටපු නායක මහේල ජයවර්ධන කණ්ඩායම සමඟ එක්වීම ඉතා හොඳ තීරණයක් බවයි දසුන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීම තමන්ට කිසිඳු පීඩනයක් නොමැති බවත්, තමන් සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකට මුහුණ දෙන්නේ තුන්වන වරට බවත් සඳහන් කළ දසුන් පීඩනයක් නොමැතිව අභියෝගයට මුහුණදීමට සූදානම් බවයි පවසා සිටියේ.

අභියෝගයක් එල්ල කළ හැකි කණ්ඩායමක් තමන්ට සිටින බවත් සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය ජයග්‍රහණය කිරීමට අනිවාර්යයෙන් හැකිවනු ඇති බවට විශ්වාසයක් පවතින බවත් ශ්‍රී ලංකා නායකයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) අලුයම සිම්බාබ්වේ දේශය බලා දිවයිනෙන් පිටත්ව ගියා.

https://youtu.be/hA7m2GR_1mw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34