spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීම කිසිඳු පීඩනයක් නෙවෙයි – දසුන් ශානක (වීඩියෝ)

ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සුළුවට ගත නොහැකි තරගාවලියක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසනවා.

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දසුන් මේ බව සඳහන් කළා.

එමෙන්ම සිම්බාබ්වේ දේශයේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක ලෙස කටයුතු කරන හිටපු නායක මහේල ජයවර්ධන කණ්ඩායම සමඟ එක්වීම ඉතා හොඳ තීරණයක් බවයි දසුන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීම තමන්ට කිසිඳු පීඩනයක් නොමැති බවත්, තමන් සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකට මුහුණ දෙන්නේ තුන්වන වරට බවත් සඳහන් කළ දසුන් පීඩනයක් නොමැතිව අභියෝගයට මුහුණදීමට සූදානම් බවයි පවසා සිටියේ.

අභියෝගයක් එල්ල කළ හැකි කණ්ඩායමක් තමන්ට සිටින බවත් සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය ජයග්‍රහණය කිරීමට අනිවාර්යයෙන් හැකිවනු ඇති බවට විශ්වාසයක් පවතින බවත් ශ්‍රී ලංකා නායකයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) අලුයම සිම්බාබ්වේ දේශය බලා දිවයිනෙන් පිටත්ව ගියා.

https://youtu.be/hA7m2GR_1mw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?