සුජීවට ආ සිතාසියට අභියාචනාධිකරණ නියෝගයක් හරස් වෙයි

නීතිවිරෝධී කොටස් ගෙන්වා වාහනයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන සිතාසිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණයෙන් අද (28) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ සුජීව සේනසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි.

පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ඉදිරියේ කැඳවූවා.

සුජීව සේනසිංහ මහතා සිය පෙත්සම කියා සිටින්නේ නීති විරෝධී ලෙස වාහන එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තමන්ට පෙබරවාරි 05 වැනිදා තමන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙන බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිතාසිය ලබාගෙන තිබෙන්නේ වැරදිසහගත කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් බවත් එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඔහු සිය පෙත්සම මගින් අවධාරණය කරනවා.

එබැවින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමා වෙත නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින සුජීව සේනසිංහ මහතා පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තුරු අදාළ සිතාසිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22