AFC Banner
Empty Ad
Empty Ad

සුඛෝපභෝගී බස් රථ දෙකක් ගැටී මැල්සිරිපුර දරුණු අනතුරක් (ඡායාරූප)

මැල්සිරිපුර, පන්ලියද්ද ප්‍රදේශයේ දී සුඛෝපභෝගී බස් රථ දෙකක් ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

අද (17) අලුයම 2.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි මැල්සිරිපුර පොලිසිය සඳහන් කළේ.

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් සහ කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් මඩකලපුව බස් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා පොල්ගොල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
0
+1
0
+1
3
+1
4
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?