AFC Banner
AFC Banner
Empty Ad

සී.අයි.ඩීයේ ස්ථානාධිපතිවරයාට නොතීසි

ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් හිටපු මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි අත්අඩංගුවට ගැනීමේ සූදානම සම්බන්ධයෙන් ලබන 14 වැනි දින කරුණු දක්වන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අපරාධ පරීක්ෂණෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කරමින් අද (07)නියෝග කළා.

නන්දසිරි මල්ලවාරාචි විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා වග උත්තරකරු කරමින් ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

2015 වසරේ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් කැරම් හා දාම්බෝඩ් මිලදී ගැනීමත් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයන්ට අදාළව තමාව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බැවින් අත්අඩංගුවට පත්වුවහොත් ඇප ලබාගැනීමට හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන ලෙස ඉල්ලා මෙම ඇප අයදුම් පත්‍රය ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?