සීයාගේ අවමඟුල දා මුණුපුරාත් අවසන් ගමන් යයි

පරගස්තොට, තුඩුව පාලම ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 21ක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ සුජිත් සත්සර නැමැති මොරොන්තුඩුව, කවටයාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක්.

මෙම තරුණයා තම සීයාගේ අවමඟුල් උත්සවයට සහභාගී වී සිටි අවස්ථාවේ දී මිත්‍රයෙක් සමඟ මොරොන්තුඩුව – මිල්ලනිය මාර්ගයේ යතුරුපැදි පැදීමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී මෙම තරුණයාට යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ආරක්ෂක කණුවක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

එහිදී යතුරුපැදිය පැදවූ තරුණයාගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති අතර, ඔහුව ගෝනදූව රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එලෙස රෝහල් ගතකරන විටත් ඔහු මියගොස් සිට ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !