සීනි හිඟයක් ගැන අනතුරු අඟවයි

පාලන මිල ඉක්මවා වෙළෙඳුන් සීනි අලෙවි කරන බවට ජනතාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කර ඇත. සීනි තොග මිල රුපියල් 130ක් වන අතර සිල්ලර මිල රුපියල් 138ක් දක්වා ඊයේ (12 වැනිදා) වනවිට වැඩි වී තිබූ බව පිටකොටුව තොග වෙළෙන්දෝ ප්‍රකාශ කරති.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සැප්තැම්බර් මස දෙවැනි දින නිකුත් කළ පාලන මිල ගැසට් නිවේදනයට අනුව සුදු සීනි සිල්ලර මිල රුපියල් 122ක් වෙයි. පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක සිල්ලර මිල රුපියල් 125කි. දුඹුරු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ල මිල රුපියල් 125ක් වෙයි.

සීනි ආනයනය කිරීමට අවසර දී ඇතත් ඩොලර් හිඟය නිසා ණය වර ලිපි නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් මතුවීම හේතුවෙන් සීනි ආයනයනය කිරීමට නොහැකි වී ඇති බව ආනයනකරුවෝ පවසති. මේ නිසා ඉදිරියේදී සීනි හිඟයක්ද ඇතිවිය හැකි බවට ආනයනකරුවෝ අනතුරු ඇඟවීමක්ද කරති.

ලෝක වෙළෙඳපොළේද සීනි මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකා ඩොලර් 550ක් දක්වා වැඩි වී තිබේ. එම නිසා සීනි කිලෝග්‍රෑමයක් වරායෙන් නිදහස් කරගන්නා විට රුපියල් 116ක් වන බවද ආනයනකරුවෝ පෙන්වා දෙති. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගැසට් නිවේදනයට අනුව ආනයනකරු විකිණිය යුතු උපරිම තොග මිලද රුපියල් 116ක් වෙයි.

කෙසේ වෙතත් පැල්වත්ත, සෙවණගල, ඇතිමලේ හා හිඟුරාන සීනි කර්මාන්තශාලාවලින් නිෂ්පාදනය කරන සීනි තොගද සතොස හා සමුපකාර සමිති සඳහා ලබාදෙයි. මෙම කර්මාන්තශාලාවල දේශීය ගැනුම්කරුවන් දසදෙනකු ලියාපදිංචි වී ඇති අතර ඔවුන්ට සීමා සහිතව සීනි නිකුත් කරන බව ලංකා සීනි සමාගම පවසයි.

පෞද්ගලික ගැනුම්කරුවන් සඳහා ඔක්තෝබර් මස සීනි මෙට්‍රික්ටොන් 2000ක් නිකුත් කර ඇති අතර අගෝස්තු මාසයේදී මෙට්‍රික් ටොන් 10,000ක් නිකුත් කර ඇත. පාලන මිල පැනවීමෙන් පසු ගැනුම්කරුවන්ට සීනි නිකුත් කිරීම සීමා කළ බව ලංකා සීනි සමාගමේ සභාපති ජනක විමලචන්ද්‍ර ‘අරුණ’ට පැවැසුවේය. සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීමක් සිදුවන්නේදැයි අවධානයෙන් සිටින බව ඔහු පවසයි.

කෙසේ වෙතත් සීනි ආනයනය සඳහා පනවා ඇති සත විසිපහේ බද්දද අද (13 වැනිදා) සිට අහෝසි වීමට නියමිතය.

පාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන වෙළෙඳසල් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් ඊයේ (12 වැනිදා) සිට විමර්ශන ආරම්භ කළ බව එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ප්‍රකාශ කරයි. කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ඊයේ (12 වැනිදා) දිනයේදී වැටලීම් දහයක් පමණ සිදුකර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?