සීනි හිඟයක් ගැන අනතුරු අඟවයි

පාලන මිල ඉක්මවා වෙළෙඳුන් සීනි අලෙවි කරන බවට ජනතාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කර ඇත. සීනි තොග මිල රුපියල් 130ක් වන අතර සිල්ලර මිල රුපියල් 138ක් දක්වා ඊයේ (12 වැනිදා) වනවිට වැඩි වී තිබූ බව පිටකොටුව තොග වෙළෙන්දෝ ප්‍රකාශ කරති.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සැප්තැම්බර් මස දෙවැනි දින නිකුත් කළ පාලන මිල ගැසට් නිවේදනයට අනුව සුදු සීනි සිල්ලර මිල රුපියල් 122ක් වෙයි. පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක සිල්ලර මිල රුපියල් 125කි. දුඹුරු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ල මිල රුපියල් 125ක් වෙයි.

සීනි ආනයනය කිරීමට අවසර දී ඇතත් ඩොලර් හිඟය නිසා ණය වර ලිපි නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් මතුවීම හේතුවෙන් සීනි ආයනයනය කිරීමට නොහැකි වී ඇති බව ආනයනකරුවෝ පවසති. මේ නිසා ඉදිරියේදී සීනි හිඟයක්ද ඇතිවිය හැකි බවට ආනයනකරුවෝ අනතුරු ඇඟවීමක්ද කරති.

ලෝක වෙළෙඳපොළේද සීනි මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකා ඩොලර් 550ක් දක්වා වැඩි වී තිබේ. එම නිසා සීනි කිලෝග්‍රෑමයක් වරායෙන් නිදහස් කරගන්නා විට රුපියල් 116ක් වන බවද ආනයනකරුවෝ පෙන්වා දෙති. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගැසට් නිවේදනයට අනුව ආනයනකරු විකිණිය යුතු උපරිම තොග මිලද රුපියල් 116ක් වෙයි.

කෙසේ වෙතත් පැල්වත්ත, සෙවණගල, ඇතිමලේ හා හිඟුරාන සීනි කර්මාන්තශාලාවලින් නිෂ්පාදනය කරන සීනි තොගද සතොස හා සමුපකාර සමිති සඳහා ලබාදෙයි. මෙම කර්මාන්තශාලාවල දේශීය ගැනුම්කරුවන් දසදෙනකු ලියාපදිංචි වී ඇති අතර ඔවුන්ට සීමා සහිතව සීනි නිකුත් කරන බව ලංකා සීනි සමාගම පවසයි.

පෞද්ගලික ගැනුම්කරුවන් සඳහා ඔක්තෝබර් මස සීනි මෙට්‍රික්ටොන් 2000ක් නිකුත් කර ඇති අතර අගෝස්තු මාසයේදී මෙට්‍රික් ටොන් 10,000ක් නිකුත් කර ඇත. පාලන මිල පැනවීමෙන් පසු ගැනුම්කරුවන්ට සීනි නිකුත් කිරීම සීමා කළ බව ලංකා සීනි සමාගමේ සභාපති ජනක විමලචන්ද්‍ර ‘අරුණ’ට පැවැසුවේය. සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීමක් සිදුවන්නේදැයි අවධානයෙන් සිටින බව ඔහු පවසයි.

කෙසේ වෙතත් සීනි ආනයනය සඳහා පනවා ඇති සත විසිපහේ බද්දද අද (13 වැනිදා) සිට අහෝසි වීමට නියමිතය.

පාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන වෙළෙඳසල් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් ඊයේ (12 වැනිදා) සිට විමර්ශන ආරම්භ කළ බව එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ප්‍රකාශ කරයි. කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ඊයේ (12 වැනිදා) දිනයේදී වැටලීම් දහයක් පමණ සිදුකර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14