සීනිමෝදර නිවසේ සිට මියගිය අයෙකුගේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය සහිත ලොරි දෙකක් සොයාගත් නිවසේ සිට රෝහල්ගත කිරීමෙන් පසු මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තංගල්ල පොලිසිය සඳහන් කළේ අද (23) උදෑසන ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණු බවයි.

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන බවත්, ඉදිරියේ දී අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවත් පොලිසිය සඳහන් කළා.

මේ අතර සීනිමෝදර ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබිය දී ඊයේ (22) සොයාගත් මළ සිරුරු දෙක සම්බන්ධයෙන්වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (23) දිනයේ සිදුකිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !